https://www.gossiplankanews.com/2019/10/why-gota-avoide-people-stage.html#more
යේ රටේ අවධානයට යොමුවූ වැඩසටහනක් වූයේ 'මාර්තු 12 ව්‍යාපාරය' මගින් සංවිධානය කළ සියලුම ජනපති අපේක්ෂකයින්ට ආරාධනා ලැබූ මහජන වේදිකාව නමැති වැඩසටහනයි. ලංකාව භාරගන්නට සූදානම් වන දේශපාලන නායකයින් මෙහිදී සජීවීව මහජනතාව හමුවේ පෙනීසිටිමින් සිය සැලසුම් හා රටේ ගැටලු ගැන අදහස් දැක්වීමක් සිදු කරන්නට සූදානම් කර තිබුණි.
මෙම වැඩසටහන කල් ඇතිවම සූදානම් කර
තිබූ එකක් වූ අතර  සියලුම ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ හා මැතිවරණයට ඇප මුදල් තැන්පත් කළ සුළු පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයින්ද දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
මෙම වැඩසටහන කොටස් දෙකකට බෙදා තිබූ අතර විකල්ප ධාරාවේ අපේක්ෂකයින්ට මුල් වටයත් ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයින්ට ඊළග වටයත් වෙන් කර තිබුණි.

ප්‍රධාන ධාරාවේ කතාබහට එජාපයෙ සජිත් ප්‍රේමදාස හා ජවිපෙ අනුර කුමාර දිසානායක එක්වූ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ නැත.
එයට හේතු දක්වමින් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම

පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම දන්වා සිටියේ නාම යෝජනා සහ අපේක්ෂකයන් ගැන අවසන් තීරණයක් නොමැති පසුබිමක “මහජන වේදිකාව” ට ගෝඨාභය රාජපක්ෂට එක් වීමට නොහැකිවූ බවත් ඒ ගැන ඊයේ (05) උදැසන ඔහු එම සංවිධායකයන්ට දැනුම් දුන් බවත්ය.

මෙම සාකච්ඡාව යන අතරේ ගෝඨාභය රාජපක්ෂ මහතා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ දේශපාලන රැස්වීමකට එක්ව සිටිනු අයුරුද පසුව වාර්තා විය.
මෙම සාකච්ඡාව පවත්වන අවස්ථාව වනවිට ජනපති අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කිරීම අවසන්ව නොතිබූ නමුත් ගෝඨාභය ජනපතිවරණයට තරග කිරීම ස්ථිර ස්වරූපයක් පැවතිණි. අද (6) උදේ නාම යෝජනා අත්සන් තැබීමට පවා ගෝඨාභය මහතා සූදානම්ව සිටි අතර හෙට (7) මැතිවරණ කාර්යාලයේ රැස්වීමට එක්වීමටද සූදානමින් සිටියේය. ඩලස් අලහප්පෙරුම මහතා 'තම අපේක්ෂකයා ගැන අවසන් තීරණයක් නොමැති පසුබිමක්' ඇතැයි සදහන් කිරීම ඒඅනුව සත්‍ය තත්වය නොවන බව පෙනී යයි.

සමාජ මාධ්‍ය තුළ මේ ගැන විශාල විවේචන මේ වනවිට පැනනැගී ඇත. ඇතැමුන් කියා සිටියේ ගෝඨාභයට සජීවී කතාවක් කරන්නට හැකියාව නැති බවයි. ඔහු කිසිවෙකු ලියාදෙන කතාවක් ටෙලිප්‍රොම්ප්ටරය බලාගෙන කියවන්නෙකු බවත් මෙවැනි ස්ථානයකට පැමිණ කතාබහ කරන්නට යාමේදී වැරදීම් සිදුවී ඡන්දයට පාඩු විය හැකි නිසා ඔහු නොඑන්නට ඇති බව ඇතැමුන් අදහස් දක්වා තිබේ.

එසේම තවත් අය පවසන්නේ ගෝඨාභය සාමාන්‍යයෙන් නුරුස්නා සුළු කෝපාන්විත කතාබහකින් යුතු බවයි. හදිසියේ සංවාදය අතරතුර ඔහු තිගැස්මකට ලක්වී කෝපාන්විත පිළිතුරු දුන්නේ නම් එයද ඉදිරි මැතිවරණයට අවාසි ආකාරයට බලපෑ හැකි බැවින් ඔහුව නොඑවන්නට ඔහු පසුපස සිටි අය පියවර ගත් බවයි.
පසුගිය කාලයේ පැවති මාධ්‍ය හමු කිසිවකට ගෝඨාභය එක්වූයේ නැත.

වෙනදා මෙන් විවිධ අවස්ථාවලට බැහැරට යද්දී මයික් දික්කරන ඡායාරූප මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඉදිරිපත්වූයේද නැත.

මෙම මාධ්‍ය මගහැරීම ගැන මීට පෙර අවස්ථාවක ඩලස් අලහප්පරෙුම මහතාගෙන් මාධ්‍ය විමසීම් කරන ලද අතර එම අවස්ථාවේ ඔහු කියා සිටියේ ගෝඨාට එරෙහි නඩු ගණනාවක් ඇති නිසා අනවශ්‍ය ලෙස වචන පිටවුවොත් ඒවා නඩු වලට අහිතකර වියහැකි බැවින් ඔහු නීති උපදෙස් පරිදි මාධ්‍ය මගහරින බවයි.

ගෝඨාභය මාධ්‍ය මගහරින බව ඩලස් එම අවස්ථාවේ පැහැදිලි ලෙසම පිළිගෙන කතා කර තිබුණි.
අනෙක් සියලුම අපේක්ෂකයින්ටත් පෙර කාලයක් තිස්සේ 'වියත්මග' 'එළිය' වැනි සංවාද මණ්ඩප වලට පැමිණ සංවාදශීලී ලෙස රටගොඩනැගීම ගැන සාකච්ඡා පවත්වන්නෙකු ලෙස කීර්ති නාමයක් දිනා සිටි ගෝඨාභය ඊයේ (5) 'මහජන වේදිකාව' මගහැරීමද සුවිශේෂ කාරණයකි.

අනෙක් අපේක්ෂකයින් සියල්ල පැමිණ තිබූ ඊයේ වැඩසටහන අවසානය තෙක් නැරඹූ අය අදහස් දක්වා තිබූ ආකාරයට'මහජන වේදිකා' වැඩසටහන කියූ තරම් විවාදසම්පන්න උද්වේගකර අවස්ථා තිබූ වැඩසටහනක්ද වූයේ නැත.

රාජ්‍ය නොවන සංවිධානයක්වූ මාර්තු 12 ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලංකාවේ සිදු කරන ක්‍රියාකාරකමක් ලෙස මෙය සංවිධානය කර තිබූ අතර එක් එක් අපේක්ෂකයින්ට සරල ලෙස කතා කිහිපයක් සිදු කරන්නට පමණක් අවස්ථාව සලසා තිබූවකි. එය කම්මැලිසහගත එකක් වූ බවද ඇතැමුන් පවසා තිබුණි.
නමුත් ප්‍රථම වරට සියලු දෙනා ඒකරාශිකළ අවස්ථාවක් වූබැවින් එය මගහැරීම කැපී පෙනිණි.

 මෙම වැඩසටහන ගෝඨාට හිතවාදී යයි හදුනාගෙන ඇති හිරු දෙරණ හැර සියලුම රූපවාහිනී නාලිකාවල විකාශය වූ අතර රූපවාහිනී නරඹන්නන් අතරට ඡන්ද සටනට පෙර කතාවක් කරන්නට හොද අවස්ථාවක්ද වී තිබුණි