අද (6) 11 වන දිනයටත් දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව වාර්තාවේ. කෙසේ වෙතත් දැනට සිදුකර
තිබෙන සාකච්ඡා අනුව
අත්‍යවශ්‍ය සේවා විධිවිධාන යටයතේ තවත් සේවකයින් සේවයට ගෙන්වා ගන්නට කටයුතු කර ඇති බවත් හෙට (07) වන විට කාර්යාල සේවකයින් දුම්රිය මඟින් ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසා තිබේ.
මේ අතර ඔහු කියා සිටියේ, යුද හමුදාවේ සාමාජිකයන් දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීම සඳහා යුද හමුදාපතිවරයා කළ ඉල්ලීමට අනුමැතිය ලබාදුන් බවයි.
ඒ අනුව දුම්රිය රියදුරන් ඇතැමුන් සේවාවට වාර්තා නොකරන තත්වය තුළ හමුදා සාමාජිකයින් යොදවා හෝ සේවාව ගෙනයාමට රජය කටයුතු කරනු ඇත.