පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඑල ඉරිදා (6) දවල් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළේය.. ප‍්‍රතිඑල අන්තර්ජාලයට නිකුත් කිරීම ලබන
සතිය දක්වා ප්‍රමාද විය හැකි බවට ඊයේ වාර්තා වුවත් එයට සියලු කටයුතු සූදානම් බැවින් ඉරිදාම නිකුත් කරන්නට හැකියාව ලැබුණ බව ඔහු දන්වා සිටියේය.
ශිෂ්‍යත්ව

ප‍්‍රතිඑල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. ශිෂ්‍යත්ව විභාගයේ මෙවර ශ්‍රේණිගත කිරීම් ප‍්‍රකාශයට පත් නොකරන බව ද සනත් පූජිත මහතා සඳහන් කළා. මෙවර ලබාදෙන්නේ ළමයාගේ ලකුණු සහ දිස්ත්‍රික් කඩඉම් ලකුණු පමණක් බව සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළේය.
අනවශ්‍ය තරගකාරීත්වය ඉවත් කිරීමේ පියවරක් ලෙස මෙම වෙනස සිදුකරන ලද්දේ අධ්‍යාපන ඇමතිවරයාගේ උපදෙස් පරිදිය.
 මීටපෙර ශිෂ්‍යාධාර ලබාදීම සඳහා තෝරාගත් ළමුන් සංඛ්‍යාව පහළොස් දහසක් වන අතර එය මෙවර විසිදහසක් දක්වා වැඩි කර ඇත. ශිෂ්‍යත්ව දීමනාව ද රුපියල් 500 සිට රුපියල් 750 ක් දක්වා වැඩි කිරීමට හා ආබාධිත දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 250 ක් පිරිනැමීම ද කටයුතු කරන බව දන්වා ඇත.