https://www.gossiplankanews.com/2019/10/wasantha-senanayake-gota.html
සුගිය කාලයේ පිල්මාරු දේශපාලනය නිසා ජනතාවගේ හාස්‍යයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා රාජ්‍ය ඇමතිවරයෙකු වන එජාපයේ වසන්ත සේනානායක මෙවර ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දීමට නොහැකි බවට
ලිපියක් යොමු කර ඇති බවට වාර්තා පළවේ.

ඔහු මීට පෙර මහින්ද පිලට ගිය අවස්ථාවේ දන්වා තිබුනේ එජාප නායක රනිල් සිටිනතුරු පක්ෂයට ගමනක් නැතැයිද සජිත් පත්කිරීම ඉක්මණ් කළ යුතු යයිද දක්වා එසේ නොකළ නිසා මහින්ද පිලට ගිය බවකි. කෙසේ වෙතත් වසන්ත සේනානායක මෙවර ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය නොදෙන බව කියා ඇත්තේ පරස්පර අදහසක් මතුකරමිනි.

ඔහුගේ මෙවර ලියමනේ දන්වා ඇත්තේ තවදුරටත් අගමැති ධූරය රනිල්ට හිමිව තිබීම හා රවී කරුණානායක, රිෂාඩ් බදුර්දීන් සජිත්ගේ සහායට සිටිම නිසා ජනපතිවරණයේදී තම සහය ලබානොදෙන බවයි.

දේශපාලන ආරංචි හෙළිකරන්නේ වසන්ත සේනානායක නොබෝදිනකින්ම ගෝඨාභය රාජපක්ෂගේ සහායට එක්වනු ඇති බවකි.