එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහක සිර දඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාන් ප්‍රනාන්දු වෙත හම්බන්තොට මහාධිකරණය ඇප
නියම කර තිබේ.

ඒ ඔහු ගොනු කළ අපෑලක් සලකා බලමිනි.
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට හම්බන්තොට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත
සිරදඩුවම් නියම කරනු ලැබුවේ 2014 වසරේ අප්‍රේල් 17 වනදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ඔවුන්ට ගල්මුල් වලින් පහරදීම සහ පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙනි.
ඔහු මාධ්‍ය මේ ගැන විමසූ විට කියා සිටියේ එය සෙල්ලම් පිස්තෝලයක් බවයි.
බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අද ඇප මත මුදා හැරියේ ඔහු ඉදිරිපත් කළ අභියාචනාව හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් හමුවේ අද කැදවූ අවස්ථාවේදීය.රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර
ඇප 5ක් මත සැකකරු මුදා හැර තිබේ.