https://www.gossiplankanews.com/2019/10/video-gotabhaya-media.html
ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ‌අද කොළඹ ශැංග්‍රිලා ‌හෝටලයේදි පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනි මීරා ශ්‍රී
නිවාසන්  විමසුවේ


“ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද..?” යන්නයි.
එහිදී ඔහු සිනාසී පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.
නැවත මාධ්‍යවේදිනිය  එය වෙනස් කර විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ නම් එහි තත්වය” යන්නයි.
එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.
(එනම් සරත් ෆොන්සේකා බවයි)