ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා භාරයේ ඇති තොරතුරු මුදාහැරීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් උපදෙස් ලබාගන්නා ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තූවේ මහලේකමිවරයාට දැනුම්දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ කථානායක කාර්යාලය තොරතුරු පනත යටතේ එකම පොදු අධිකාරියක්ද, නැතිනමි පොදු අධිකාරීන් දෙකක්ද යන්න පිළිබඳ පැහැදිලි ස්ථාවරය තොරතුරු කොමිසමට ඉතා ඉක්මනින් දැනුම් දෙන ලෙසද තොරතුරු කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරයාට ප්‍රකාශ කළේ.

ජනමාධ්‍යවේදියකු ගොනුකළ අභියාචනයක් විභාගයට ගත් අවස්ථාවේදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව එලෙස උපදෙස් ලබා දුන්නේය. වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාලේඛන සහ නම් ඉල්ලමින් මෙම තොරතුරු අයදුම්පත යොමු කර තිබිණි.

තොරතුරු ඉල්ලීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට යොමු කර තිබුණු අතර, මෙම තොරතුරු ලබාගත යුත්තේ වත්කම් හා බැරකම් පනත යටතේ කතානායකවරයාට ඉල්ලීමක් කරමින් බව දැනුදෙමින් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා තොරතුරු ඉල්ලීම ප්‍රතිෂ්ප කර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරියාට අභියාචනයක් යොමු කළ අතර, අභියාචන නිලධාරියාද තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂික්ෂේප කර තිබිණි. ඊට හේතු ලෙස දක්වා තිබුණේ මෙම තොරතුරු ලබාගත යුත්තේ වත්කම් හා බැරකම් පනත යටතේ කථානායකවරයාට ඉල්ලීමක් කිරීමෙන් බවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තොරතුරු ලබාදීම ප්‍රතිෂ්ප කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොම්ෂන් සභාවට අභියාචනයක් යොමු කර ඇති අතර, එම අභියාචනය විභාගයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුව කාරණා කිහිපයක් මතු කළේය.

තොරතුරු පනත අබිබවා වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත බලාත්මක බවත්, මෙම තොරතුරු ලබාදීමෙන් බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝනය විය හැකි බවත් කී පාර්ලිමේන්තුව, ඉල්ලා ඇති තොරතුරු ඇත්තේ පාර්ලිමේන්තූවේ කථානායකවරයා භාරයේ බවද කියා සිටියේය. කථානායකවරයා භාරයේ ඇති තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට පාර්ලිමේන්තු මහලේකම්ට හැකියාවක් නොමැති බවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තොරතුරු කොමිසමට දැනුමි දුන්නේය.

ඊට පිළිතුරු දෙමින් අභියාචනය යොමු කළ මාධ්‍යවේදියා පැවසුවේ වත්කම් හා බැරකම් පනත අබ්බවා තොරතුරු පනත බලාත්මක වන බවට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව මීට පෙර තීන්දුවක් ලබාදී ඇති බවයි. ඒ බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවලද සඳහන් වන බව කී අභියාචකයන් ප්‍රකාශ කළේ ඉල්ලා ඇත්තේ සංඛ්‍යාලේඛන ආශ්‍රිත තොරතුරු බැවින් ඒවා වත්කම්
හා බැරකම් පනත යටතේ ලබාගැනීමට එම පනතේ ප්‍රතිපාදන නැති බවයි. ඒවා ලබාගත හැක් තොරතුරු දැනගැනීමේ පනතින් පමණක් බවද ඔවුහු කියා සිටියහ.

තොරතුරු දැනෙගැනීම් පනත අනුව සත්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු මුදාහැරිය යුතු බවද, ඒ අනුව තොරතුරු පනත අනුව එම තොරතුරු මුදාහැර පාර්ලිමේන්තුවේ තාරතුරු නිලධාරියාට සහ නම් කළ නිලධාරීන්ට නීතිමය බාධාවක් නැති බවද , අභ්‍යන්තර සම්ප්‍රදායන්ට වඩා නීතිය බලාත්කම බවද අභියාචකයෝ කියා සිටියහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවසන් වශයෙන් දැනුම් දුන්නේ මෙම තොරතුරු තමන්ගේ භාරයේ ඇති නමුත් ප්‍රායෝගිකව ඒවා මුදාහැරීමට හැකියාව ඇත්තේ කථානායකට පමණක් බවයි. කථානායක කාර්යාලය සහ පාර්ලිමේන්තුව වෙන් ව ස්වාධීනව කටයුතු කරන බවද පාර්ලිමේන්තුව දැනුම් දුන්නේය.

මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නමේ පොදු අධිකාරියේ අභ්‍යන්තර ගැටලුවක් බැවින් පාර්ලිමේන්තු මහලේකම් සහ කථානායක සාකච්ජා කර විසදාගත යුතු බවත්, එය පුරවැසියන්ට අදාළ නැති බවත්, පුරවැසියන්ට අදාළ වන්නේ තොරතුරු මුදාහැරීම පමණක් බවත් අභියාචකයෝ කියා සිටියහ.

ඒහිදී තොරතුරු කොමිසම ප්‍රකාශ කළේ තොරතුරු පනතේ තුන්වැනි වගන්තිය අනුව පොදු අධිකාරියක සන්තකයේ පාලනය හෝ භාරයේ තොරතුරු තිබේ නම් ඒ වෙත ප්‍රවිෂ්ටවීමට පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියාට නම් කළ නිලධාරියාට පනත අනුව බාධාවක් නැති බවයි.

ඒ අනුව මෙම තොරතුරු මුදාහැරීමට ඇති ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් කථානායකවරයා සමග සාකච්ජා කර තොරතුරු දැනගැනීමි කොමිෂන් සභාවට තීරණය දැනුම් දෙන ලෙස එම කොමිසම ශ්‍රී ලංකා පාර්ලිමිමේන්තුවේ නමි කළ නිලධාරියාට දැනුම් දුන්නේය.


චාමර සම්පත්