Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/10/vehicle-buddhist-statue-fron-law.html#more
සුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ වීඩියෝවකින් දඩ කොළයක් සම්බන්ධ වැරදි අර්ථ නිරූපණයක් මතුකර ආගම් අතර අසමගියට හේතුවන කාරණා සාකච්ඡා කර ඇති බවට පොලිසිය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම වීඩියෝවේ සටහන් කර ඇති ආකාරයට වාහනයේ ඉදිරිපස බුදු පිළිමය තැබීමට පොලිස් නිලධාරියා දඩ ගැසූ බව පෙන්වා දී ඇත. නමුත් පොලිසිය කියන්නේ බුදු පිළිමය
නොව වාහනයේ රියදුරුගේ දැක්මට බාධාවන

ලෙස සවිකර තිබුණ මල්මාලාවක් නිසා මෙම දඩ කොළය නිකුත් කළ බවයි.
පොලිස් නිවේදනයේ මෙසේ දැක්වේ.
පසුගිය දිනක පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබූ අතර, එය තුල අන්තර්ගතව තිබුණේ යම් රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ ඉදිරියේ ඇති කුඩා බුදු පිළිමයක් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමය මත පොලිස් මූලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා විසින් විමර්ශනයක් සිදු කරන ලද අතර, එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ප්‍රධාන වින්ස්ක්‍රීනය අවහිර වන ලෙස මැද කණ්නාඩියේ පහතට වැටෙන සේ සවි කර තිබූ මල් මාලා ඉවත් කිරිමට අදාල පොලිස් නිලධාරියා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. කිසිම විටක පොලිස් නිලධාරියා බුදු පිළිමය ඉවත් කිරීමට උපදෙස් ලබා දී නැත.

මෙම විමර්ශනයට අදාලව අදාල පුද්ගලයාගේ ප්‍රකාශයට අමතරව තවත් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ අනුවද පැහැදිලි වන්නේ බුදු පිළිමයක් ඉවත් කිරිමට පොලිස් නිලධාරියා උපදෙස් දී නොමැති බවයි.

වාහන වල ඉදිරි වින්ස්ක්‍රීනය වැසෙන සේ මල් මාලා, කුඩා මල් පෝච්චි එල්ලාගෙන යෑම හා ඩ්‍රෑෂ් බෝඩය මත සවි කිරීම තුලින් ඉදිරි දර්ශන අපැහැදිලි වන අතර එමගින් අනතුරු සිදුවේ. එම වරද සම්බන්ධව රියදුරුට දැනුම් දී ඇත. රියදුරු විසින් වෙනත් ආකාරයට අර්ථ නිරූපනය කරමින් බුදු පිළිමය ගැලවීමට පොලිස් නිලධාරියා උපදෙස් ලබාදුන් බව පවසා වීඩියෝව නිකුත් කර ඇත.

අදාල පුවත මගින් ජාතීන් අතර, ආගම් අතර විසන්වාදය, වෛරය ඇති වන ආකාරයට කටයුතු කර තිබෙන බවට බැලූ බැල්මට පෙනෙන බැවින්, එම පුවත පළ කල පුද්ගලයා සහ චේතනාන්විතව සමාජ මාධ්‍ය

ජාලා හරහා එය බෙදා හරින ලද පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතික පනතේ 3 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇද්දැයි විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනය මගින් අනාවරණය වන කරුණු අනුව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.













Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Hot Political

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter