අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස දන්වා මෙරට පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සිය රටවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර
තිබෙයි.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අවශ්‍යම අවස්ථාවන්හිදී හැර ශ්‍රී ලංකාවට නොයා යුතුය. හදිසි අවස්ථාවකදී සිය පුරවැසියන් තානාපති කාර්යාලය අමතන්න, නැතහොත් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමතුම් මධ්‍යස්ථානය  අමතන්න” යනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ලබන නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීම නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.