විදේශ බලවේග මේ රට පාලනය කරන්න හදනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්ක විදේශ බලවේග සෙල්ලම් කරන්න ආවොත් කනෙන් නෙමෙයි පයින් ගහලයි එළවන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී
නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
හ‍ෙතෙම මේ බව පැවසුවේ, ප‍ෙරේදා (20දා) පස්වරුවේ හාලි ඇළ ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හාලිඇළ ආසන බලමණ්ඩල රැස්වීමේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට ඌව පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "අද රට අරාජික වෙලා. රටේ කෘෂිකර්මාන්තය ඇතුළු ජාතික ආර්ථිකය ශක්තිමත් කළොත් විතරයි අපට ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැක. ඒ සඳහා හඳුන්වා දී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ප්‍රබුද්ධයි. විද්‍යාත්මකයි. අද විදේශ බලවේග මේ රට පාලනය කරන්න හදනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්ක විදේශ බලවේග සෙල්ලම් කරන්න ආවොත් කනෙන් නෙමෙයි පයින් ගහලයි එළවන්නේ.
පාර්ලිමේන්තුවේ කවදාවත් සිදු නොවුණ සිද්ධියක් පසුගියදා වුණා. එදා අපි ආණ්ඩුවක් පිහිටුවලා මහින්ද රාජපක්ෂව අගමැති කරලා ඒ පිළිබදව වීශ්වාසභංගය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තු ගැලරියේ කවුද හිටියේ. පිටරට තානාපතිවරු හා රාජ්‍ය නොවන සංවිධානවල කාක්කො. කථානායක ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරදී ඒ අය අප්පුඩි ගහන්න පටන් ගත්තා. වෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ අප්පුඩි ගැහුවනම් අල්ලලා එළියට දානවා. එහෙම නැත්නම් උසාවියට දානවා. මෙන්න මෙහෙම තමයි විදේශ බලවේග අපේ රට පාලනය කරන්න ලෑස්ති වුණේ.
ඡන්දදායක ජනතාව ඉතා බුදිධිමත්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය හුදෙක් පොරොන්දු දේශපාලනය මත පදනම් වෙලා ජනතාව රවටන වැඩසටහනක් නෙමෙයි. ඒක ඉතා ගැඹුරින් තමුන්ලා තේරුම් ගත යුතුයි.
ද නැත්නම් කියන්න පුළුවන් ප්‍රේමදාසගේ පුතා 
නිසා ඡන්ද දෙන්න කියලා. ඒ ජාන තමයි මට තිය‍ෙන්නේ කියලා. ජානවලට ඡන්දෙ දුන්නොත් නම් අපි ඔක්කොම ඉවරයි. මතකයිනේ සුදු වෑන්, කළු වෑන්  ගෝනිබිල්ලෝ . ඔය ඔක්කොම ආපු අවදිය. ඒ ජානවලින් නම් වැඩ කරන්න අපට පුළුවන් කමක් නැහැ. අපට ඒවට එකතු වෙන්නත් බැහැ, අපිට අතීත අත්දැකීම් තිය‍ෙනවා. අතීත අත්දැකීම් තුළින් අපිට ඉතා හොදින් මැනලා කිරලා බලන්න පුළුවන්. මේ අපේක්ෂක දෙන්නගෙන් ගෝඨාභය අපිට විශ්වාස කරන්න පුළුවන්.
මේ රටට ආදරේ කරන්නේ ඔහු ඒ නිසා අපිට කිසිම චකිතයක් නැතුව බයක් නැතුව එතුමාට ඡන්දය දෙන්න පුළුවන්.
අද රට අරාජික තත්ත්වයට පත්වෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා යහපාලනය ගැන කියනවා. ළඟදි මැතිවරණ කොමිසමෙන් පැන්නා එයාගේ කාර්යාලයට. එතන පත්වීම් ගහනව දෙනවා. එතුමා ජනාධිපති කොමිසමට ගෙනාවා. එතකොට මොකද කිව්වේ. මම දන්නෑ පත්වීම් 4500ක් දෙන්න කළමනාකරණ අංශයන් අවසර ගන්න ඕනි කියලා කිව්වා. ඉතින් මෙහ‍ෙම කෙනෙක්ද ජනාධිපති වෙන්නේ.
යහපාලනය පිළිබඳව මූලධර්ම එම සියල්ල එක්සත් ජාතික පක්ෂය විනාශ කළා. මහබැංකුව මංකොල්ල කෑවා, ඒ නිසා තමයි මම ජීවන වියදම වැඩිවෙලා තිය‍ෙන.
ඔබ ගැන ගන්න බී ලූනු, පප්පු, පිටිවල මිල වැඩි වෙලා තියෙන්නේ. මේවා මහබැංකු කොල්ලය ප්‍රතිඵල. ඒකට රනිල් වික්‍රමසිංහ වගේම සජිත් ප්‍රේමදාසත් වගකියන්න ඕනි. හැබැයි සජිත් ඒ ගැන එක වචනයක් කියන්නේ නැහැ. එතුමා කවදාවත් කියන්නේ නැහැ මහබැංකු මංකොල්ලයට සම්බන්ධ අයට දඩුවම් දෙනවා කියලා.වඩාත් අවශ්‍ය සමගියයි බිම් මට්ටමේ සමගිය වඩාත් අවශ්‍යයි. දැක්කා නේද ලග්ගලදී යූ.ඇන්. ඒ අයම රනිල්ට හූ කිවිවා. ඒවා අපිට වුය නෑ, ඒ නිසා සමගිය අවශ්‍යයි. රැස්වීම්වලට පැමිණීමේදී කොල බෙදද්දී හැම දේකදීම අපේ සමගිය අවශ්‍යයි.
පොහොටිටුවයි අපියි අතර අර්බුදයක් නිර්මාණය වෙන්නේ කොයි වෙලාවෙද කියල ජනමාධ්‍ය කට ඇරගෙන බලා ඉන්නේ. ඒ නිසා ජනමාධ්‍යයට නිවිස් සපයන්න එපා. කවුරුත් බොහොම සංයමයෙන් යුතුව මේ ගමනේ යා යුතුයි. අනිත් අය කොචිචර අවුස්සන්න හැදුවත්  ඒවට අහුවෙන්නෙත් එපා” යැයි පවසා සිටියේය.
  -මීගහකිවුල එන්.කේ.නිශ්ංශක / වැලිමඩ කුමාරගේ-