https://www.gossiplankanews.com/2019/10/speaker-dream-maithri.html
මන් අනාගතයේදීද දේශපාලනයේ නියැළෙන බවත් විවේක සුවයෙන් සිටීමට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දන්වා තිබේ.
ඔහු සිය නිල ට්විටර් ගිණුම හරහා ඊයේ සටහනක් තබමින් මේ ගැන නිල
වශයෙන් කියා සිටියේය.
2015 ජනපති පදවියට පක්වූ අවස්ථාවේ තමන් නැවත ජනපති ධූරයට තරග කරන්නේ නැති බව කියා තිබුණ ජනපති

මෛත්‍රිපාල එම තීරණය අතහැරියේ සිතකින් නොවේ.
අනතුරුව තමන් පදවිය අතහැරගිය පසු පොළොන්නරුවේ නිවසට ගොස් කුඹුරු කොටමින් ජීවත්වන බව දන්වා සිටි නමුත් පසුගියදා කැබිනට් අනුමැතිය ලබාගෙන ඔහු කොළඹ 7 සුවිසල් නිල මැදුරක් හා යාවුණ ඉඩම් කිහිපයක හිමිකරුවෙකු ලෙස විශ්‍රාම යාමට තීරණය කර තිබුණි.
දැන් තම නිල ට්විටර් ගිණුමෙ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසන්නේ ‘විවේක මසුවයට වඩා සක්‍රිය දේශපාලනයට මා ඇලුම් කරමි‘ ලෙසිනි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතව තිබුණත් ඉදිරි මහමැතිවරණයකින් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ පරිසර ඇමති ධූරයට හෝ කතානායක පුටුවට මාන බලමින් සිටි බවට පළවූ ආරංචි ඒ අනුව සත්‍ය වෙමින් පවතී.