මියගිය ත්‍රස්ත නායක අබුබකර් අල්-බග්දාදි ඇමරිකානු හමුදව විසින් වටළනු ලැබූ අවස්ථාවේ  ඔහුව ලුහුබැඳ ගිය සුනඛයාගේ රූපයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් පිටුවෙහි පළ කර ඇත.

මෙම සුනඛයාට
මෙහෙයුමේදී තුවාල සිදු වූ බව ට්‍රම්ප් විසින් මීට පෙර හෙළි කළ අතර බග්දාදිට මරාගෙන මැරෙන්නට සිතිවිලි පහළ කළ  මරණීය බය ඇති කළ මෙම සුනඛයා දැන් වීරයෙකු බවට පත්ව ඇත.

මෙම විශේෂ මෙහෙයුමට සහභාගී වූ කිසිදු සෙබළකුට හානියක් නොවූ බවත් තුවාල වූයේ සුනඛයා පමණක් බවත් ට්‍රම්ප් සිය විශේෂ ප්‍රකාශය කළ අවස්ථාවේ සඳහන් කර තිබුණි.