ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදවලට ආරාධනා කරන්නේ පරාජය උරුම කරගෙන සිටින ජනාධිපති අපේක්ෂකයනුයි. ජනාධිපතිවරණ  මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්
සිටින අපේක්‍ෂකයින් රූපවාහිනි විවාද ඉල්ලන්නේ නැහැ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රාජගිරියේදී ඊයේ (28) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලක්ෂ 66 ඉක්මවා ගිය බහුතර ජනවරමක් මෙවර ජනාධිපතිවරණයේදී ලැබෙන බව ද රමේෂ් පතිරණ මහතා කියා සිටියේය. රාජගිරිය නවල පාරේ පිහිටි ඒකාබද්ධ
මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඊයේ (28) පැවැති ප්‍රවෘර්ති සාකච්ඡාවකදි පතිරණ මහතා මේ බව සඳහන් කළේය.රමේෂ් පතිරණ මහතා මෙසේද පැවසිය.

"අවසන් වරට පැවති මැතිවරණයේදී එක්සන් ජාතික පක්‍ෂයට හිමිවූයේ ලක්ෂ 36ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. එම නිසා සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ළඟටවත් එන බැහැ. අපේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු පත්වන කිසිදු මන්ත්‍රීවරයකට වසර තුනක් යනතුරු විදෙස් රටකින් වාහනයක් ගෙන්වීමට බලපත්‍ර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.රජය සතු වාහන මැති ඇමැතිවරුන්ට ප්‍රමාණවත් බව අපේ සන්ධානයේ මතයයි.

රටට වැඩි ආදායම් උපද්දවා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව තාක්ෂණික අතින් බලගැන්වීම හරහා රටේ ආදායම දෙගුණයකින් වැඩි කිරිමට බලාපොරොන්න වෙනවා.ගෝඨාභය රාජපක්ෂ
මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතික ආරක්‍ෂවට ඉහළම තැනක් ලබාදීම මගින් රට ගැන ඔහුට ඇති හැඟීම යළිත් ඔප්පු වෙනවා. රටක අධ්‍යපනයත් ආර්ථිකයත් දියුණු කිරීමට නම් රටේ ජාතික ආරක්‍ෂව සියයට සියයක් තහවුරු කළ යුතුයි. රටේ ජාතික ආරක්‍ෂව තහවුරු කළ හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටම පමණයි.

මෙරට පාසල්වල සිටින විශාල ශිෂ්‍ය ප්‍රමාණයට පිළියමක් ලෙස ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාසයකට තුන බැගින් නව පාසල් දහයක් ඉදිකිරිමට ගෝඨභය රාජපක්‍ෂ මහතා සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගුරු සහයකින් 50,000ක් අලුතින් බඳවා ගනු ලබනවා. සජිත් රැස්වීම 50ක කතා කරලා හති වැටිලාලු. මෝටරයක් සේ දවසේ පැය 24 පුරාම වැඩ කරන බවට ඔහු මිට පෙර සඳහන් කළා.