https://www.gossiplankanews.com/2019/10/slfp-slpp-combine.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රාත්‍රියේදී පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිලනිවසේදී රැස්විමට නියමිත අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බව වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්
සමඟ ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් අනතුරුව අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්විම තුළදී මේ දක්වා ගැටලුවක්ව පැවති ලකුණ පිළිබඳ ප්‍රශ්නය විසඳාගනු ඇත.
වාර්තාවන ආකාරයට ශ්‍රීලනිපය මෙවර ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය දීම ස්ථිරය. ලකුණ වෙනස්කිරීමේ නීතියේ බාධාව මත

මෙම අවස්ථාවේ අලුත් ලකුණකට නොයනු ඇති බවත් තියෙන හැටියට පොහොට්ටුවටම ඡන්දය දෙන්නැයි ශ්‍රීලනිප පාක්ෂිකයින්ට දන්වනු ඇති බවත් කියැවේ.
ඒ කෙසේ වෙතත් ශ්‍රීලනිප ප්‍රාදේශීය සංවිධායකයින් දන්වා තිබුනේ 2018 පුංචි ඡන්දයේ ශ්‍රීලනිප හා පොදු ජන පෙරමුණේ බෙදුණු ඡන්ද පදනම තුළ ඇතිවූ බෙදීම නිසා ශ්‍රීලනිප පාක්ෂිකයින් පොහාට්ටුවට නම්මවාගැනීම අසීරු විය හැකි බවකි.

නමුත් මැතිවරණ නීතිමය තත්ව මත දැනට හිතහදාගෙන ජනපතිවරණයට පොහොට්ටුවට සියලු ඡන්ද ලබාදෙන්නැයිද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ පොදු ලකුණකින් තරඟ කිරීමට එකඟතාවයට පැමිණ ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මේ ගැන අද(5) හෙළි කිරීමක් සිදු කර ඇත.