https://www.gossiplankanews.com/2019/10/33-names-2019-election.html#more
ළැඹෙන ජනපතිවරණය සඳහා අපේක්ෂකයින් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කරන ලද බව මැතිවරණ කාර්යාලය ඊයේ දැනුම් දුන්නේය. හෙට (6) ඉරිදා දහවල් 12 වනවිට මෙම ඇප තැන්පත් කිරීම අවසන් වන අතර ඒ කාලය තුළ තවත් අපේක්ෂකයින් එක්වීමටද ඉඩ තිබේ.
මෙවර ජනපති මැතිවරණය සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ 16 ක් හා
ස්වාධින තරග කරුවන් 14 ක් ඉදිරිපත්ව සිටින අතර වෙනත් ගණයේ දේශපාලන පක්ෂ වලින් 3 දෙනෙකුද ඉදිරිපත්ව ඇත.
මෙතරම් විශාල ගණනක් ඡන්දයට ඉදිරිපත්වීම තම කාර්යයට ගැටලුකාරී තත්ව මතුකර තිබෙන බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ දන්වා සිටියේය. පත්‍රිකාව දිගුවීම,

ඡන්ද පොළ නිලධාරීන් වැඩිවීම, ගණනය සංකීර්ණවීම ආදී කටයුතු මෙන්ම ඒ සඳහා වැඩිපුර යෙදවිය යුතු වියදමද වැඩි බව ඔහු කීය.
මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම නිසා අමතර තවත් කෝටි 100 ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
ජනාධිපතිවරණයට රුපියල් කෝටි 400 ක පමණ වියදමක් යතැයි සිතුවද එය රුපියල් කෝටි 500 පමණ දක්වා වැඩිවනු ඇතැයිද ඔහු පැවසීය.
මේ ආකාරයට ජනපතිවරණයට තරග කරන පුද්ගලයින් හැමදෙනාම එසේ තරග කරන්නේ සැබෑ ලෙසම ජනපති පදවිය ලබාගන්නටදැයි මේ වනවිට සංවාදයක් පැනනැගී තිබේ.
ඇතැම් අය ඉදිරිපත්ව ඇත්තේ තවත් අපේක්ෂකයෙකුගේ සහායට ඡන්ද පොළ නිලධාරීන් ගණන වැඩිකරගැනීමටය. තවත් අය අනෙකා වෙනුවෙන් කතා පැවැත්වීමටය. තවත් අය අනෙකාගේ ඡන්ද ගොඩකින් කොටසක් කඩා තවකෙකුට වාසි අත්කරදීමටය.
සියයට 50 ට වැඩි ප්‍රතිශතයකින් වලංගු ඡන්ද ජයගන්නා අපේක්ෂකයා මෙවර ජනපතිවරණයෙන් ජයගන්නා නිසා මෙම ප්‍රතිශතය සුළු වශයෙන් හෝ අවහිර කිරීමට විවිධ ජන කොට්ඨාස ජාති ආගම් මුල් කරගත් අපේක්ෂකයින්ගේ ඉදිරිපත්වීම කාලයක් තිස්සේ  සිදු විය.

ඇතැම් අපේක්ෂකයින් පුරුද්දක් ලෙස ඡන්දයට සෑම වරකම ඉදිරිපත් වන නිසා මෙවරද ඉදිරිපත්ව ඇති අයුරු හඳුනාගන්නට ලැබේ. හුදෙක් පුද්ගලික ආසාව ප්‍රසිද්ධිය වෙනුවෙන් ජනපති අපේක්ෂකත්වය ලබාගත් අයද සිටී.
පහත පළවන්නේ

එම ලැයිස්තුවයි.
1) ජයන්ත කැටගොඩ (ස්වාධීන)
2)සිරිපාල අමරසිංහ (ස්වාධීන)
3)අජන්තා පෙරේරා (ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය)
4)අපරැක්කේ පුඥානන්ද හිමි (ස්වාධීන)
5) සමන් ප්‍රසන්න පෙරේරා (අපේ ජන බලය පක්ෂය)
6) ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
7) ආරියවංශ දිසානායක (ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ)
8) සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය)
9)මෙල්රෝයි ප්‍රනාන්දු (ස්වාධීන)
10) නන්දිමිත්‍ර බැද්දෙ ගමගේ (නව සමසමාජ පක්ෂය)
11) වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්ෂය)
12) සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය)
13)රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ)
14)අනුර කුමාර දිසානායක (ජාතික ජනතා බලවේගය)
15)සමන්සිරි හේරත් (ස්වාධීන)
16) සරත් කීර්තිරත්න (ස්වාධීන)
17)චමින්ද අනුරුද්ධ (ස්වාධීන)
18)සමරවීර වීරවන්නි (ස්වාධීන)
19) අශෝක වඩිගමංගාව (ස්වාධීන)
20)ඒ.එස්.පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය)
21)බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ)
22)භෂීර් සෙයිගු ඩාවුඩ් (ස්වාධීන)
23)සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)
24)ඉලියාස් ඉඩ්රුස් මොහොමඩ් (ස්වාධීන)
25) පියසිරි විජේනායක (ස්වාධීන)
26)ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ)
27)දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්ෂය)
28)රජීව විජේසිංහ (ස්වාධීන)
29)මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්ෂය)
30)කුමාර වෙල්ගම (ස්වාධීන)
31)අරුණ ද සිල්වා (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික බලවේගය)
32)චමල් රාජපක්ෂ (ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය)
33)අජන්ත ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)

මේ අය අතුරින් 6 දෙනෙකු මින් ඉහත 2015 පැවති ජනපතිවරණයටද ඉදිරිපත්ව තිබූ අතර එම ජනපතිවරණයේදී ලබාතිබූ ඡන්ද ප්‍රමාණය මෙසේය,
  • ඒ.එස්.පී. ලියනගේ ඡන්ද 14351 
  • දුමින්ද නාගමුව ඡන්ද 9941 
  • සිරිතුංග ජයසූරිය ඡන්ද 8840
  • සරත් මනමේන්ද්‍ර ඡන්ද 6875
  • වජිරපානි විජේසිරිවර්ධන ඡන්ද 4277
  • බත්තරමුල්ලේ සීලරතන හිමි ඡන්ද 3750