https://www.gossiplankanews.com/2019/10/rupavahini-live-stopped-unp.html
ද (3) උදෑසන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයේ සජීව විකාශය ජාතික රූපවාහිනිය මගින් විකාශය වෙමින් පැවති අතරවාරයේ හිටිහැටියේ එය අත්හිටුවීමට සිදුව තිබේ. එයට හේතුවී ඇත්තේ
මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වැඩසටහනක් ලෙස හුවා දැක්වුවද එම වැඩසටහන විකාශය ඇරඹෙනතුරු මුදල් ගෙවා නොතිබීම බව වාර්තා විය.
මැතිවරණ කොමිසන් සභාවෙි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පැමිණ
මෙම  වැඩසටහන ගැන

එවෙලේම විමර්ශනයක් කර ගිණුම් නිලධාරීන් කැඳවා  මුදල් ගෙවා ඇති ලේඛන ඉල්ලා ඇති අතර එවැන්නක් තවම නැති බවත් පසුව ගෙවන පදනමින් එය විකාශය කරන බවත් පිළිතුරු ලැබී ඇත.
එය නීතියට පටහැණි බව පෙන්වා දෙමින් වහාම විකාශය නතර කරන්නට මැතිවරණ කොමිසන් සභාවෙි අධ්‍යක්ෂ ජනරාල් නියෝග කර ඇති අතර එයට අවනතවූ නිලධාරීන් එය නවතන්නට කටයුතු කර ඇත.
ඒ අනුව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ කතාවක් විකාශය වෙමින් පැවතෙද්දී  එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලන සජීව විකාශය නතරවී තිබේ.
 ජාතික රූපවාහිනිය මේ වනවිට පාලනය වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේනට අයත් ආරක්ෂක අමාත්‍යංශයෙනි.