https://www.gossiplankanews.com/2019/10/mahinda-liberty-story.html
සුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පුතු නාමල් රාජපක්ෂ සිය විවාහ මංගල උත්සවය සඳහා ඇදුම් සකසා ගැනීමට මුස්ලිම් ජාතික ප්‍රකට ව්‍යාපාරික ස්ථානයක් වන හමීඩියා වෙත ගමන් කළ අයුරු
දැක්වුණ ඡායාරූප හා වීඩියෝ

අන්තර්ජාලය තුළ විශේෂ කථාබහක් ඇති කළේය. ඊට හේතුවූයේ විශේෂයෙන්ම පොදු ජන පෙරමුණට හිතවාදී පිරිස් පසුගියදා මුස්ලිම් කඩ විරෝධයක් වෙනුවෙන් රටපුරා කෑමොරදෙද්දී නාමල් එම අදහස් ප්‍රතික්ෂේප කිරීම නිසාය.

මේ අතර මෝටර් බයිසිකල් අමතර කොටස් ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හරින ප්‍රකට මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් වන ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිසස් ආයතනයේ විසි වැනි සංවත්සරය හා හයවැනි පාරිභෝගික හමුව පසුගිය දා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී පැවැත්වූ අවස්ථාවට මහින්ද රාජපක්ෂ එක්වීමද එබඳු සිදුවීමක් විය.

මහින්ද සමග බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙන්ම  තවත් අමුත්තන් රැසක් මීට සහභාගී විය.
රට තුළ මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව අතර වවිධ ගැටලුකාරී තත්වයන් ගැන කතාබහක් යන අතරේ මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයට එක්වීම විශේෂ කතාබහකට ලක්ව තිබේ.