ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පළාත් පාලන ආයතන මට්ටමින් රැස්වීමි තුන්සිය
හතළිස් එකක් හා
කොට්ඨාස මට්ටමින් රැස්වීම් එකසිය හැටක් ඇතුළුව ප්‍රධාන රැස්වීම් 500කට වඩා වැඩි ගණනාවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත්, ඔහු සඳහන් කළේය.
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම්වලටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් හා මන්ත්‍රීවරු සහභාගි වන බවත් එහෙත් එම රැස්වීම් වලටත් ජනාධිපතිවරයා සහභාගී නොවන බවද ඔහු පවසා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට සියලුම ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පොදු තීරණයකට එළඹ තිබෙන බවද හෙතම සඳහන් කළේය. මෙවර මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන අතර පක්ෂ සභාපති තනතුරේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා පත්කර තිබේ.