https://www.gossiplankanews.com/2019/10/madumadhawa-arawinda-speech.html#more
නපති මැතිවරණ ප්‍රචාරණයේ නිවාස මට්ටමින් පවත්වන රැස්වීමකට සහභාගී වෙමින් පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් පවත්වනු ලැබූ කතාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පැතිරී ඇත.
එම කතාවේදී ඔහු පළකරන අදහස් සම්බන්ධ විවේචනද පැතිරී ඇති අතර මෙම කතාව ප්‍රචාරය වීමෙන් පසු ඇතැම් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ
මෙම කතාව මැතිවරණයේදී අවාසි සහගත බවට අභ්‍යන්තර විවේචන පැනනැගීමෙන් පසු
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස් වූ බවකි.
ඔහු කර තිබෙන ආන්දෝලනාත්මක කතාව මෙසේය.

'ඔබ බලන්න මිනිස්සු කලකිරිල නෙමේද ඉන්නෙ.. ඒ නිසා මේ ජයග්‍රහණය ගැන අපිට සැකයක් නෑ.. හැබැයි මේ ජයග්‍රහණය අපි හරියට ගන්න ඕනෙ.

මේ එක්කම හැදෙන පාර්ලිමේන්තුවට පළාත් සභාවට අලුත් සංකල්පයක් ගේන්නට ඕනෙ. ඒ සංකල්පය වෙනුවෙන් කඹුරන්නට මං හිතන්නේ 7 වෙනි විධායක ජනාධිපතිතුමා ලෑස්තියි. ඒ සටනට එහෙමනම් මේ අපි යන ගමනේදී සිංහල නායකයෙක් හදන්න ඔබේ හිත ඔබට කියනවා නම් රාත්‍රී හීනෙන් හරි පේනවා නම් වෙන රටවල් මුස්ලිම් රටවල් බවට පත්වෙන කොට ඒවායෙ පටන් ගත්තෙ මේ ලීලාවටත් වඩා හෙමින්.. මේ ලීලාවටත් වඩා හෙමින්...

1624 තුන්දාහක් තමයි හම්බයන් මේ රටට ආවේ. මේ තුන්දාහක් ආපු හම්බයන්ට ගෑනු ආවෙ නෑ කවුරුත්. අපේ සිංහල අම්මලත් දුන්නා අපි මුන්ට. මේ සිංහල අම්මලා තමයි මේ යන්නෙ කළු ලොගු දාගෙන උන්ගෙ මේ මරක්කල ගති පෙන්නගෙන. මේවට විරුද්ධව කතාකරන්න බැහැ මේ ලංකාවේ දේශපාලනේට මුංගෙ මේ තියන කෙහෙම්මල් ඡන්ද ටිකට.
අපි ඒකයි කියන්නෙ ඔව් අපි උඹලට විරුද්ධයි.

අපි ඒවා ගලවන්න තමයි ආවේ.

මේ රටේ අන්තිම සිංහලය ඉන්නකං උඹලට මෙහෙ ෂරියා කොරන්න දෙන්නෙ නෑ. ෂරියා නොකරන්න නම් උඹලත් එක්ක හැප්පෙන්න මිනිස්සු හදාපල්ලා කියන පණිවිඩයයි අපි සිංහල සමාජෙට කියන්නෙ.
අපි ආවේ මුකුත් අරන් යන්න නෙමේ. අපි ආවේ මේකට තියල යන්න. අපි මේ හන්දියක් හන්දියක් ගානෙ අම්මේ තාත්තෙ ගිහිල්ල කියන්නේ හයිය ඉල්ලන්නේ..

අපි සිංහල සමාජෙට කොරන්න ආවේ..අපිට වෙන මොකෙක්වත් ලොකුත් නෑ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ හදන අලුත් ලෝකෙට අවුරුදු 10ක් ඇතුලෙ සිංහලකම ගැන කතා කරන්නට අපිට හයිය දෙන්න කියන එක පමණයි ඉල්ලන්නෙ.
ඒ හයිය දුන්නොත් ඒ අවුරුදු පහ දහය තුළ මගදි අපිව නවත්තන්නට පුලුවන්. අදටත් අපිට කංජිපානි ඉම්රාන්ලගෙන් එකඑක හම්බයන්ගෙන් මරණ තර්ජන එනවා. අපි පාරට ගියත් අපිට නඩු දානවා. හැබැයි අපි බය නෑ. අපි අදින් කතාව නවත්තන්නෙත් නෑ. අපි කියන්නෙ ඒකයි. අපි කැපුවත් කොළෙත් නෙමෙයි. අපි කැපුවත් නිලෙත් නෙමෙයි. කෑලි කෑලි කැපුවත් අපි සිංහලේ කියන බලමුළුවයි අද ඔබේ දෙපා ළගට ඇවිල්ල තියෙන්නෙ ඒ හයිය අපිට දෙන්න.'