https://www.gossiplankanews.com/2019/10/hirunika-complain.html#more
ද ජනපති ධූරය සදහා නාම යෝජනා ලබාදීම සිදුවූ දිනයේ මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් අශෝභන ලෙස
හිරිහැර කළ බව  පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා කර තිබේ.


නාම යෝජනා බාරදුන් එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සුබ පැතීම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ගිය තම නිල රථය මඟ වැරදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් සිටි දෙසට ගමන් කළ බවත් එහිදී මෙම සිද්ධියට මුහුණ දුන් බවත් ඇය සඳහන් කළාය.
එමෙන්ම තමන් එම ස්ථානයට රැගෙන ගිය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසන් සභාවට සහ වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් ඇය සඳහන් කළාය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව පැවැසුවාය.
කාන්තාවක සහ මහජන නියෝජිතවරියක ලෙස එම ආධාරකරුවන් තමන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.

(ඡායාරූප  - ගයාන් අමරසේකර විස්තර - නිමල කොඩිතුවක්කු)