මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ පළමු ප‍්‍රචාරක රැළි පැවැත්වීමට මේ වනවිට දින යොදාගෙන තිබේ.

ඒ මහජනතාව

ඇමතීමේ ප්‍රසිද්ධ රැළි ආකාරයටයි.

ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාගේ පළමු රැළිය ඔක්තොම්බර් 08 වන දින තඹුත්තේගම නගරයේ පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පොහොට්ටුව ලකුණින් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්‍ෂගේ පළමු රැළිය ඔක්තොම්බර් 09 වන දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.
හංසයා ලකුණින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතාගේ මුල්ම රැළිය ඔක්තොම්බර් 10 ගෝල්ෆේස්හීදි පැවැත්වෙනු ඇත.