https://www.gossiplankanews.com/2019/10/grade-5-boy-suicide-attempt.html#more
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට අසමත්වීම නිසා කම්පනයට හා දුකට පත්වී සිටින සිසුවකු විසින් මව රෝගයකට භාවිත කරනු ලබන ඹෟෂධ වර්ගයක් පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීමේ පුවතක්
අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්ත වීය.
මෙවර පැවැති ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල පසුගිය ඉරිදා (6) දිනයේ නිකුත් කෙරුණු අතර පාසල් කටයුතුවලදී දැඩි දක්ෂතා

දැක්වූ සිසු සිසුවියන් විශාල පිරිසක් කඩඉම් ලකුණ පසුකර යෑමට නොහැකිවීමෙන් අසමත් සිසු ලේඛනයට එක්වීමෙන් දැඩි පීඩනයකට හා කතාවකට පත්වී සිටින බව වාර්තා විය.
මවර නිකුත් කළ ශිෂයත්ව විභාගයේ ප්‍රතිඵල අතිශයින් දෝෂ සහල්ගත බවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මවුපියන් රැසක් චෝදනා කරන අතර නැවතත් ඒ පිළිබදව විභාග දෙපාර්තමේන්තුව අවධානය යොමු කරවීමට අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවට මවුපියන් අවධාරණය කරයි.මෙවර ශිෂයත්වයට මුහුණ දුන් දක්ෂ දරුවන් විශාල පිරිසක් විභාගයෙන් අසමත් වී සිටින බවත් එම තත්වය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔවුන් කියයි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය