https://www.gossiplankanews.com/2019/10/dilshan-pathiratne.html#more
රුණ තරුණියන් සමඟ තරුණ ප්‍රඥප්තියකට අස්සන් කිරීමේ උත්සවයක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ සුගතදාස පිරිටියේදී පැවැතිවිණි.
එහිදී අදහස් දැක්වූ වෙනස රූපවාහිනි වැඩසටහන නිසා ප්‍රකට නීතීඥ ඩිල්ශාන් පතිරත්න සජිත් ප්‍රේමදාසට එරෙහිව
නඩු පැවරීමට අවසර ඉල්ලා සිටියේය. ඔහු මෙසේ කීය.

“මේක දුප්පත් රටක්. ලංකාවේ දේශපාලනය තුළ අන්තිම අවුරුදු 25 දේශපාලන නායකයන් දුප්පත්කම ගැන කතා කළේ නැහැ.
හැම ප්‍රශ්නයක් අස්සෙම මේ දුප්පත්කම තිබුණා. උතුරෙත් දකුණෙත් යුද්ධ කළේ බඩගින්නට, විරැකියාවටයි. දුප්පත්කම ගැන කතා කරලා ඊට බෙහෙත් නොදී 2025දීත් සජිත් ප්‍රේමදාස දුප්පත්කමට බෙහෙත් දෙන්න එනවා නම් සජිත් ප්‍රේමදාස අසාර්ථකයි.
අපි වංශය කබල් ගාමින් ඉන්නවා ප්‍රෞඩයි කියලා. ඒත් අපි දුප්පත්. පාර්ලිමේන්තුවේ 225 අයින් කළාට
විසඳුමක් නැහැ.

මේ 225 අතර මහජන මුදල් කොල්ලකන, බොරු කියන සීයක්වත් පාර්ලිමේන්තුවට වැද්ද
ගන්න හොඳ නැති අය ඉන්නවා. ඔබ මේ රටට පොරොන්දු වෙන්න ඕන ඊළඟට නාම යෝජනා දෙනකොට
හොරුන්ට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. පොරොන්දු වෙන්න ඕනේ. පරාජිතයන්ව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකම දෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න ඕන. ජනතාව බස්වල එල්ලිලා, කෝච්චිවල තෙරපිලා,
වාහන නැතිව පයින් යද්දී මැති ඇමැතිවරුන්ට වාහන අරන් දෙන්නෙ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕන.ජාතිවාදය බරපතළ විදියට මේ දවස්වල විකිණෙනවා අර පැත්තෙ කඳවුරක. ඒකට බරපතළ විධියට උත්තර දෙන්න ඕන. බුදු හාමුදුරුවෝ කියපු බණට පිටින් බණ කියන ලොකු හාමුදුරුවන්ට දේශපාලන වරප්‍රසාද දිය යුතු නැහැ. හාමුදුරුවන්ගෙ වාහනයට වී.අයි.පී. ස්ටිකර් ඇලව්වට බුදු දහම රැකෙන්නෙ නැහැ.
මුස්ලිම් පල්ලිය තුළත් අන්තවාදය වැහිවහිනවා.

මේක අරාබි කොලනියක් කරන්න අවශ්‍ය අය එහෙත්
ඉන්නවා. මෙහෙත් ඉන්නවා. ඒ සියලු දෙනාට ඍජුව උත්තර දෙන්න ඔබට පුළුවන් වෙන්න ඕන. තවදුරටත්
සිහින මිලදී ගන්න තාරුණ්‍යය සූදානම් නැහැ.
මේ තරුණ ප්‍රඥප්තිය කැඩුවොත් සජිත් ප්‍රේමදාසට විරුද්ධව නඩු දමන්න අපට අවසර දෙන්න ඕන.”