වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ
සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරිමට තීරණය කර ඇති බවයි.
පසුගියදා එජාප මහලේකම් වරයාට ලිපියක් ලියමින් වසන්ත සේනානායක සදහන් කර තිබුනේ සජිත් ප්‍රේමදාස වටා දූෂිතයින් සිටින බැවින් ජනපතිවරණයේදී සජිත්ට සහාය නොදෙන බවයි.