https://www.gossiplankanews.com/2019/10/chamal-rajapaksa-presudent-election.html
ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නම් පක්ෂය හරහා ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සොයුරු හා හිටපු කතානායක චමල් රාජපක්ෂ අද (4) සවස ක්‍රියා කර තිබෙයි.
සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂගේ නම
ජනපති සටනින් ඉවත්වීමට

හේතුවුවහොත් චමල් තරග කරන බවට මින් ඉහත කටකතා පැතිරිනි.
ඒ අනුව එම කතා සැබෑ කරමින් අද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සහතික කරන ලේඛන පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ලබාගත් බව දවල් වාර්තාවූ අතර මේ වනවිට ඇප මුදල් තැන්පත්කිරීමද සිදු කළ බව වාර්තාවේ.
මේ ආකාරයට එකම පවුලේ දෙදෙනෙකු ජනපතිවරණයක් සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු වතාව මෙයයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටු සලකුණ පිළිබඳ ප්‍රශ්නයක් මතුකර ශ්‍රීලනිපය සමග සාකච්චා පවත්වන නමුත් චමල් මේ ආකාරයට මහින්ද පිලේ ඡන්ද වෙනුවෙන් සටනට එන්නේ නම් එම සලකුණද පොහොට්ටුව නොවනු ඇත.
කෙසේ වෙතත් අද 4 සවස  6 ට ලැබෙන
ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත චමල් ජනපති සටනට එන්නේද නොඑන්නේද යන්න තීරණය වනු ඇත.