ජනාධිපති අපේක්ෂකයන් සහභාගිවන මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම්වල ආරක්ෂාව සඳහා පුපුරන ද්‍රව්‍ය ඉවකරන පොලිස් නිල සුනඛයින් 85 දෙනකු යොදවා ඇතැයි පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි.මෙි පොලිස් නිල
සුනඛයන් යොදවෙන්නේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන භූමිය. මැතිවරණ වෙිදිකා, ඡනාධිපති අපේකෂකයන් ගමන් කරන වෘහන හා අපේක්‍ෂකයන්ට පළදවනු ලබන මල් මාලා වැනි දෑ පරික්ෂා කිරීම් යනාදි කටයුතු සඳහා යැයි පොලිස් නිල සුනඛයන් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනවිරත්න මහතා පැවසීය.
මෙම පොලිස් නිල සුනඛයින් රට පුරා පොලිස් කොට්ඨාසවලට දැනටමත් පිටත් කර යවා ඇතැයි ද ඔහු කීය.
මෙයට අමතරව හදිසි රාජකාරි කටයුතු සඳහා පොලිස් නිල සුනඛයන් 70 දෙනකු සුදානම් කර ඇති බවද නිල සුනඛ කොට්ඨාසය පවසයි.කොළඹ නගරයේ පමණක් ජනපති අපේක්‍ෂකයන් සහභාගිවන මැතිවරණ රැස්වීම් අටක් පමණ දිනපතා පැවැත්වෙන බව දැනගන්නට ඇත. මේ අතර සාමාන්‍යයෙන් මැතිවරණ කාලවලදී පොලිස් නිලධාරින්ගේ වැඩි අවධානය ඒ වෙත යොමුවන නිසා ඒ කාලවලදී මත් ද්‍රව්‍ය ඡාවාරම් වැනි නීති විරෝධී කටයුතු වැඩි වෙන තත්වයක්  පෙනෙන්නට තිබෙන හෙයින් එම කටයුතු පිළිබඳවද මේ දිනවල දැඩි සෙවිල්ලෙන්  පසුවන බව පොලිසිය පවසයි.
    -සුජිත් හේවාජුලිගේ-