https://www.gossiplankanews.com/2019/10/aluthgama-train-dinner-stop.html
රදාන සිට අලුත්ගම බලා පෙර්දා (3) පස්වරු 6.23 ට පිටත් වූ මන්දගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානයේ නතර කොට දුම්රියේ රියැදුරු සහ ඊයදුරු සහායක දුම්රියේ සිටම රාත්‍රී ආහාරය ගැනීමට කාලය මිඩංගු කිරීම නිසා
කළුතරින් එම දුම්රිය පිටත්වූයේ විනාඩි 20 ක ප්‍රමාදයකින් පසුවය. දුම්රිය කළුතර දුම්රිය ස්ථානයේ නතර කොට විනාඩි 10 ක් ගතවීමෙන් පසුවත් යළි පිටනොවීම නිසා මගීන් කීපදෙනකු දුම්රියෙන් බැස ඒ පිළිබඳව දුම්රිය රියදුරුගෙන් විමසීමට ගිය අවස්ථාවේදී ඔහු රියදුරු කුටියේ සිය ආසනයේත් සහායක රියදුරු කුටියෙන් පිටත ස්ථානයකත් වාඩිගෙන රාත්‍රී ආහාරය ගන්නා අයුරු දැක ඇත. ඒ දෙදෙනා රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව දුම්රිය මගීන් කීප දෙනකු යළිත් දුම්රිය රියදුරු වෙත ගොස් දුම්රිය ධාවනය නොවුනේ මක්නිසාදැයි විමසූ විට ඉදිරියට ධාවනය පීමට සංඥා නොමැති බව ඔහු පවසා ඇත. වැඩ වර්ජනය පැවැති කාලයේද්දි බොහ‍ොවිට දුම්රිය ධාවනය වුයේ

සංඥා නොමැතිව බව ඒ අවස්ථාවේදී රියැදුරුට පෙන්වා දුන් මගීහු දුම්රිය ධාවනයට සංඥා නොමැති නම් දුම්රිය
මෙහෙයුම් මැදිරිය ඇමතුවේ නැත්තේ මන්දැයි ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඒ මොහොතේදි ඇමතුම් මැදිරිය අමතා තිබේ.
එම දුරකතන ඇමතුමෙන් පසු රියදුරු සංඥා
නොමැතිකම දුම්රිය ධාවනය කරවූ අතර ඒ වනවිටත් විනාඩි 20 ක ප්‍රමාදයක් සිදුවී තිබිණි. මෙම දුම්රියේ ගමන් කළ දුර ගමන් මගීහු දැඩි අපහසුතාවයට පත්වූ අතර ඔවුන් පසුව
අලුත්ගම දුම්රිය ස්ථානයට ළගා වූ ගාල්ල බලා ධාවනය වූ දුම්රියෙන් සිය ගමන් පහසුකම් සලසා ගනු දක්නට ලැබිණි.
දුම්රියෙන් බැස ඊළඟට යායුතු බස්රථ ඒ වන විට පිටත්ව තිබීමෙන් බොහෝ දෙනා තවත් අපහසුතාවයට පත්වූහ.