පූර්ව මැතිවරණ සමයේදී තමන් ජනාධිපති තනතුරට සුදුස්සකු බව ක්‍රියාකාරීත්වයෙන් ඔප්පු කරන ලෙස පැෆරල් සංවිධානය සියලුම අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.එමෙන්ම තමන් ඡන්දය දෙන අපේක්‍ෂකයා
ජනාධිපති තනතුරට සුදුස්සකු දැයි පූර්ව මැතිවරණ සමයේ ඔහුගේ ක්‍රියාකාරිත්වයන් වටහා ගන්නැයි එම සංවිධානය ඡන්දදායකයගෙන් ඉල්ලා සිටියි.
මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වැඩිම
අපේක්‍ෂකයන් පිරිසක් තරග කරන මැතිවරණය වන මෙවර ඡනාධිපතිවරණයේදී තියුණු තරගකාරීත්වියක් ඇතිවීය හැකි බවත් එහිදී තනතුරේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීම අපේක්‍ෂකයන්ගේ මෙන්ම ආධාරකරුවන්ගේඳ වගකීමකැයි මේ සමිබන්ධව අදහස් දක්වමින් පැෆරල් විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  පැවසීය. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1081 අංක 15 දරන ජනාධිපති මැතිවරණ පනත ඇතුළු ඡනරඡයේ සියලු නීති ප්‍රකාර කටයුතු කිරීමත්, මැතිවරණය ව්‍යාපාරයේදී පොලිතින් භාවිතයන් බැහැරවීම හා පරිසර හිතකාමී මැතිවරණය ව්‍යාපාරයක් පවත්වාගෙන යාමත් අපේක්‍ෂකයන්ගෙන් බලාපොරොත්තු වන හෙතෙම සඳහන් කළේය. මැතිවරණය කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ සහ උපමාන ප්‍රකාරව කටයුතු කිරිමත්, ප්‍රචණ්ඩත්වය පිටුදැකීමත් මෙන්ම කිසිදු නීති විරෝධී මෙන්ම යුක්ති සහගත නොවන ක්‍රියා සිදුකිරීමෙන් වැළකීමටත් වගබලා ගත යුතු බවද හෙට්ටිආරච්චි මහතා පැවසීය. ඡනතා කැමැත්ත විෂයෙහි අයුතු බලපෑම් සිදුවන සියලු ක්‍රියාවන්ගෙන් වැළකීමත්, ඡන්ද දායකයන්ට අල්ලස් දීමෙන් වැළකිමත් වාර්ගික සහ ආගමික වෛරය පැතිරවිම හෝ අනුබල දීම සිදුනොකිරීමත් ඔවුන් වෙතින් බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය. රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ අයථා ලෙස මැතිවරණ ව්‍යාපාරයට භාවිත කිරිමෙන් වැළකී යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරිමේ පරමාර්ථයෙන් කටයුතු කරන ලෙස අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

විනීතා එම්. ගමගේ