https://www.gossiplankanews.com/2019/10/6vehicle-accident-muthuhettigama-daughter.html
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ දියණිය ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය ඇතුළු වාහන හයක් දක්ෂිණ අධිවේගි මාර්ගයේදි කහතුඩුව කිලෝමිටර් පහයි  දශම නවය ප්‍රදේශයේදී ඊයේ (21) අනතුරකට ලක්වීමෙන් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගි ගැලනිගම පොලිසිය කියයි. තුවාල ලබා ඇත්තේ මන්ත්‍රීවරයාගේ දියණීය සමග
මෝටර් රථයේ ගමන් ගත් සේවිකාවක් බව පොලිසිය කියයි. ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් වාහන හතරක් මෙලෙස අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි.
ජීප් රථයත් වම්පස ආරෂක වැටෙහි ගැටී මාර්ගය හරහා ගොස් නැවතීමත් සමග සුඛෝපභෝගි මෝටර් රථයක් එහි ගැටී ඇති අතර මන්ත්‍රීවරයාගේ දියණිය ගමන්ගත් මෝටර් රථයේ රියැදුරු මෝටර් රථයේ වේගය අඩු කිරිමත් සමග බත්තරමුල්ල සෙත්සිරිපායට කර්යාල සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් මන්ත්‍රි දියණීය ගමන් ගත්

මෝටර් රථයේ පිටුපස හැපීමෙන් එම මෝටර් රථය මාර්ගයේ වම් පසට පෙරළි ඇතැයි පොලිසිය කියයි.
ඒ සමගම ඊට පසුපසින් මාර්ගයේ වම් තිරුවේ ගමන් ගත් වෑන් රථයක් හා මෝටර් රථයද එහි ගැටී මෙම අනතුර සිදුවූ බව පොලිසිය කියයි. මන්ත්‍රී දියණිය ගමන්ගත් මෝටර් රථය මාර්ගයේ පෙරළීමෙන් එහි අභ්‍යන්තරයෙන් සුළු ගිනි ගැනීමක් හටගෙන ඇති අතර බස් රථයේ සේවය කල සේක සේවිකාවන් ඔවුන් සතුව තිබූ ජල බෝතල් වලින් ජලය දමා එය නිවා දැමීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.
මන්ත්‍රි දියණීය ගමන් ගත් මෝටර් රථයේ එහි රියැදුරු හා ඇමැති ආරක්‍ෂක අංශයේ පොලිස් සැරයන් වරයකු සිට ඇතත් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය කියයි.
විනාඩි කිහිපයක් තුළදී එකිනෙක ආසනයේ සිදු වූ මෙම අනතුර හේතුවෙන් ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ වාහනවලට විනාඩි කිහිපයක් ඒ ආසන්නයේ නතර කර සිටිමට සිදුවී ඇත.
සිදු වූ අනතුරින් වැඩිම හානිය

මන්ත්‍රි දියණිය ගමන් ගත් මෝටර් රථයට බවත් සෙසු වාහනවලට එතරම් අලාභයක් නොමැති බව පොලිසිය කියයි. මන්ත්‍රී දියණිය පාඨමාලාවක් හැදෑරිම සඳහා ඇරලීමට යාමේදි මෙම අනතුරට මුහුණ පා ඇතැයි දැන ගන්නට ඇත.
දක්ෂිණ අධිවේහි රථ වාහන පොලිසියේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර ස්ථානාධිපති ප්‍රසන්න
පොලිස් පරික්‍ෂක අනුරුද්ධ  චන්ද්‍රසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගැලනිගම අධිවේගී පොලිස් මුර පොළේ
ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.වී.එස්.ගාමිණි, සැරයන් (33407) චන්දන පොලිස් කොස්තාපල්වරුන්වන (86276) අබේනායක (19506) දිසානායක මහත්වරු පරීක්‍ෂණ පවති.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ