හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තම පියාගේ ඝාතනයට සම්බන්ධ බවට සඳහන් කරමින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය
අහිම්සා වික්‍රමතුංග මහත්මිය ගොනු කළ නඩුව ඇමෙරිකානු අධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.

කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන
කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා, ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් සෘජූ පියවරක් ගත් බවට චෝදනා ඉදිරිපත් කර නොමැති බවත් චෝදනාව පදනම් වී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු ඉටුකළ භූමිකාව සම්බන්ධයෙන් වන බවත්අ ධිකරණ තීන්දුවෙන් පෙන්වා දී තිබේ.
එය විදේශීය රාජ්‍ය නිලධාරියෙකුගේ නිල රාජකාරි කටයුත්තක් වන බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ප්‍රතිපත්තිය වන්නේ එවැනි අවස්ථාවකදී ඔහුට රාජකාරි මුක්තිය හිමිවන බව පිළිගැනීම බව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණ තීන්දුවේ සඳහන් කර ඇත.
අහිම්සාගේ පැමිණිල්ලට අදාළව සති 3 ක කාලයක් තුළ ගෝඨාභයට පිළිතුරු දීමට වෙන් කර තිබූ අතර
 කරුණු සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගෙන අදාළ නඩුව නිශ්ප්‍රභ කර තිබේ.