https://www.gossiplankanews.com/2019/10/370-hanguranketha-yodhaya.html
ඩි විස්සක (20) උසක සිට කිලෝග්‍රෑම් පනහක් බරැති (50) අයිස් කුට්ටි පනහක් (50) සිය උදරය මතවූ කිලෝග්‍රෑම් තුන්සිය හැත්තෑවක් (370) බරැති ගලක් මතට අතහැරීමට සලස්වා
ගිනස් වාර්තාවක් පිහිටුවීමේ උත්සාහයක වරාය අධිකාරියේ සේවයේ නියුතු ජනක කාංචන මුදන්නායක ඊයේ (10 වැනිදා) නිරත වූයේය.
වරාය අධිකාරි පරිශ්‍රයේදී ජනක කාංචන මෙලෙස බිඳහෙළීමට උත්සාහ දැරුවේ ජපාන ජාතිකයෙකු විසින් මීට පෙර තබන ලද වාර්තාවකි.


අඩි පහළොවක (15) උසක සිට සිය උදරය මතට අයිස් කුට්ටි පනහක් පතිත කිරීමට සලස්වා අදාළ ජපන් ජාතික​යා ගිනස් වාර්තාව පිහිටුවා තිබුණි. මීට ඉහතදී ජනක විසින් ගිනස් වාර්තා 6ක් පිහිටුවා තිබුණි.

එම වාර්තාව නිරීක්ෂණය කරනු ලැබුවේ නීතිඥ දිල්ශාන් පතිරත්න සහ වරාය ක්‍රීඩා සංගමයේ ලේකම් ඒ. වීරසිංහ විසිනි. ජාත්‍යන්තර ගිනස් වාර්තා පිළිබඳ අධීක්ෂණය කරන කමිටුව මෙරටට ගෙන්වීමට අධික මුදලක් වැය වන බැවින් මෙම ගිනස් වාර්තාවේ වීඩියෝ දර්ශන අදාළ පාර්ශ්වයන් වෙත ලබාදීමට නියමිතය.

"මම මේ නව ගිනස් වාර්තාව තැබීම සඳහා අවුරුදු එකහමාරක කාලයක් පුහුණුවීම් කළා. උදරය සකසා ගන්න ව්‍යායාම් කළා. උදරයේ මේද තට්ටුව සකසා ගන්න වුණා. මොකද කියනවා නම් මේ විශාල අයිස් කුට්ටි අතහරින්නේ මගේ උදරය මත තිබෙන ගල මතට නිසා. මීට පෙර වාර්තාව තැබූ ජපන් ජාතික ඔයාමා කියන්නේ කරාටේ ශූරයෙක්. අතින් ගහලා කුළු මීහරකෙකුගේ අඟක් කඩන්න ඔහුට හැකියාව තිබෙනවා. මේ ගිනස් වාර්තාව පිහිටුවීමේදී මම සහ අයිස් කුට්ටි බිම දාපු සගයින් අතර තිබූ සබඳතාව නිසා එය හොඳින් කරගන්න පුළුවන් වුණා. ඔවුන් මගේ ඉරියව් හොඳින් තේරුම්ගෙන ඒ කටයුත්ත සිදුකළා." යැයි ජනක කාංචන කීවේය.

ජනක කාංචන මීට පෙර තබන ලද ගිනස් වාර්තාවන් මෙසේය.

ටොන් එක හමාරක් බරැති වාහන තිස් දෙකක් අතේ ඇඟිලි උඩින් ධාවනය කරවීම, මිලි මීටර් දොළහක් ඝනකම යකඩ කම්බි දහඅටක් විනාඩියක් තුළදී අත්වලින් නැමීම, කිලෝ පනහක් බරැති තිරිඟු පිටි බෑග් දාහතක් (17) විනාඩි විසි අටක කාලයකදී මීටර් තිහක් දුරට ගෙනයෑම, මිලි මීටර් දොළහක් ඝනකම යකඩ කම්බි විසි දෙකක් තත්පර හතළිස් අටක කාලයක් තුළදී හිස ආධාරයෙන් නැමීම, කිලෝග්‍රෑම් එකසිය තුනක් බරැති කොන්ක්‍රීට් ලෑලි පනහක් විනාඩි පහයි තත්පර හතළිස් තුනක් ඇතුළතදී උදරය මත තබාගෙන බිඳ හෙළීම එම ගිනස් වාර්තාවේ.

ජනක කාංචන මුදන්නායක හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් පල්ලේබෝවල මහා විදුහලේ සහ පොරමඩුල්ල ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙකි.

සාලිය කුමාර ගුණසේකර