කොළඹ  යුනියන් පෙදෙසේ පිහිටා ඇති හෝටලයක 33 වන මහලෙන් ඇදවැටීම නිසා විදෙස් ජාතිකයෙකු මියගිය බව ඊයේ (10) රාත්‍රී වාර්තාවී තිබේ.
මියගිය පුද්ගලයා
ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර ඔහු මැක්මුට්‍රී පෝල් ජේම්ස් යනුවෙන් හදුනාගෙන ඇත. ඔහු 52 හැවිරිදි අයෙකි. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර අද (11) උදෑසන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන්නට නියමිතය.
ඔහු හෝටල් කාමරයේ බැල්කනියෙන් අත්වැරදීමකින් බිමට වැඨී ඇති බවට මූලික පරීක්ෂණ වලදී හදුනාගෙන ඇත.