පෞද්ගලික අවශ්‍යතාවයට පමණක් සීමා වී වටිනා පක්ෂය විනාශ වීමට ඉඩ නොදෙන ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසන් නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට දන්වා තිබෙනවා.

එම සටහන අනුව ජයසේකර මහතාට දන්වා ඇත්තේ, සංවිධායකයින් 90%කට වැඩි පිරිසක් පොහොට්ටුව සමග එක්වීමට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති විට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කිරීම පක්ෂය මුළුමනින්ම පාවාදීමක් බව යි.

පක්ෂයේ සභාපති ධූරය අතහැර
දැමීමට තමා කැමති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ නම්, සභාපති ධූරය භාර ගැනීමට සහ පක්ෂය නැවත ගොඩනැංවීම සඳහා දයාසිරි ජයසේකර මහතාට සහය දෙන බව ද එහි සඳහන්.

පක්ෂය දුර්වල වූයේ එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමග සන්ධානයට සම්බන්ධ වූ නිසා නොව නායකයාට සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසා යැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මතයයි.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දී මිනීමැරුම් සහ මංකොල්ලකෑම්වලට එරෙහිව පියවර ගත්තේ නම්, රට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඉතා ශක්තිමත් වනු ඇති බව ද ඇය සඳහන් කර තිබෙනවා.