අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් කෝටි 100ක් ලබාදී යහපාලන
ආණ්ඩුවට එක්ව. ඇති බවට
පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (04) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් වුණි.

ඒ රාසික් මොහොමඩ් ක්වාදීර් ඛාන් නැමැති පුද්ගලයෙකු විසින්ය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව රාසික් මොහොමඩ් ක්වාදීර් ඛාන් නැමැති පුද්ගලයෙක් විසින් ඊයේ දහවල් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කරනු ලැබුවේය.

ඒ රිෂාඩ් බදියුදීන් මහතා යහපාලන ආණ්ඩුව සමඟ එක්වීමේදී රුපියල් කෝටි 100ක මුදලක් ලබාදී ඊට එක්වූ බවට පැවසෙන සිද්ධියක් ඇතුළු සිද්ධීන් 4ක් සම්බන්ධයෙන්ය.