https://www.gossiplankanews.com/2019/10/15-25-october-letter-attack.html
නැවත වරක් පාස්කු ප්‍රහාරය බඳු අවාසනාවන්ත තත්වයකට හේතුවන ප්‍රහාර වැලක් පිළිබඳ බිය ඇති කරවන ආරංචි සහිත අනතුරු ඇඟවීම් ලිපි කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සැරිසන්නට පටන්ගෙන තිබේ.
මෙම ආකාරයේ ලිපි 2 කි. ආරක්ෂක අමාත්‍යංශ ලිපි ශිර්ෂයක දැක්වෙන ඔක්තෝබර් 1 දිනය යෙදූ ලිපි එකකින් කියැවෙන්නේ අගරදගුරුතුමන් ජනපතිවරයාට යැවූ ලිපියකින් ඔක්තෝබර් 15-25 අතර කිතුණු දේවස්ථාන වලට ප්‍රහාර එල්ලවීමේ
තර්ජනයක් ගැන දන්වා ඇති බවයි. ඒ නිසා මේ ගැන ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන්නට ඉහළින් උපදෙස් දීමක් ගැන එහි කියැවේ. ඒ ගැන ආරක්ෂක මාණ්ඩලික රැස්වීමක්ද පවත්වා ඇති බව එහි දැක්වේ. එම ලිපියට අත්සන් තැබූ ප්‍රධානියාගේ නම කොළයකින් වසා ඡායාරූපය ලබාගෙන සමාජ මාධ්‍ය වෙත යොමු කර ඇති

අතර ලිපිය යොමු කර ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙතය.
දෙවැනි ලිපිය මුල් ලිපිය ලියා දිනකින් ඔක්තෝබර් 2 වනදා කොටුව පොලිස් ස්ථානාධිපති ලියූවකි.කොළඹ හෝටල් 10 ක් ඉලක්ක කරගෙන එම හෝටල්වල නම්ද සහිතව යොමු කර තිබෙන ලිපියෙන් එම හෝටල් කළමනාකරුවන්ට දන්වා ඇත්තේ ළඟදීම සිදුවිය හැකි ප්‍රහාරයක් ගැන අනතුරු හැඟවීමකි. හිල්ටන්,ගලදාරි,කිංස්බරි,ෂැංග්‍රිලා,ටාජ්,ග්‍රෑන්ඩ් ඔරියන්ටල්, සිටි හොටෙල්,ස්ටවුට් හොටෙල්, ෆෙයාර්වේ හොටල් හා ද වන් හෝටල වෙත යොමු කර තිබෙන ලිපියෙන් ප්‍රහාරයක් ගැන පොලිසිය සතුව තොරතුරු ඇති බව දන්වා ඇති අතර ඉදිරි දිනවල තමතමන්ගේ හෝටලවලට එන සංචාරකයින් දැඩි පරීක්ෂාවට ලක්කරන ලෙසත් ඔවුන්ගේ ලියාපදිචි විස්තර සෑම දිනකම පෙරවරු 9 ට පොලිසිය වෙත යොමු කරන ලෙසත් ඉල්ලා ඇත.

මෙම ලිපි හෝ එහි කියන කරුණු සම්බන්ධයෙන් මේ දක්වා රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා කියාසිටියේ බුද්ධි අංශ මගින් තහවුරු නොකරන ලද කරුණු මත පදනම්වූ මෙම ලිපි යොමු කළ නිලධාරීන් ගැන පරීක්ෂණ පවත්වන බව පමණකි.

සමාජ මාධ්‍ය තුළ පැතිරී තිබෙන එම ලිපි දෙක පහතින්