https://www.gossiplankanews.com/2019/09/utiya-ban-in-village.html#more
මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ සාමණේර හිමිවරුන් දෙනමකට පහරදීමේ චෝදනා ලද හොරොව්පොතාන ප්‍රදේශයේ චමින්ද ගලබඩ නොහොත් ඌටියා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගත් හොරොව්පොතාන පොලිසිය ඉකුත් එකොළොස් වැනිදා
ඔහුව අධිකරණයට ඉදිරිපත් කළේය.
එදින අධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ඇතුළුව පදවිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ සමස්ත නීතිඥවරුන් සාමනේර භික්‍ෂූන් දෙනමගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියදී ඌටියා වෙනුවෙන් පෙනී සිටිමට කිසිදු නීතිඥයකු ඉදිරිපත් වූයේ නැත.
එසේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු

ලබන 24 වැනිදා දක්වා ඌටියා බන්ධනාගාරගත කිරීමට කැබිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළේය. එසේ නියෝග කිරීමෙන් පසු ඌටියා හතර අතට වැඳ වැටෙමින් යළි එසේ නොකරන්නෙමියි පවසන අතරේ බන්ධනාගාරයට ගෙන යන අයුරුද එදින මාධ්‍ය මගින් ප‍්‍රචාරය කරනු ලැබීය.
මෙසේ බන්ධනාගාරගත කෙරුණු ඌටියා යළි නිදහස්ව පැමිණීමෙන් පසු ඔහුට බ‍්‍රහ්ම දණ්ඩනයක් හෙවත් කථා නොකර සිටීමේ දඩුවමක් පැනවීමට මේ වන විටත් ශ්‍රී ස්වර්ණතිලකාරාම පිරිවෙණේ දායක සභාව ඇතුළු ගම්වාසීහු සූදානම්ව සිටිති.
එකී බ‍්‍රහ්ම දණ්ඩනයට අනුව ඉදිරියේදී ඌටියාගේ වෙළෙඳ සලෙන් කිසිවක් මිලදී නොගෙන සිටීමට සහ ඔහු සමග කතාබහ කිරීමෙන් වැළකී සිටීමට ඔවුහු තීරණය කර සිටිති.
 ඌටියාගේ පහර දීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු සාමනේර භික්‍ෂූන් වහන්සේ දෙනම මේ මොහොත වන විට යළි පිරිවෙනට ගෙනවිත් ඇති බව වාර්තාවේ.