දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය රූපවාහිනී සහ විදුලිසංදේශ කුළුනක් ලෙස අද (16දා) විවෘත වන 'නෙළුම් කුළුනේ " ප්‍රධාන සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) පත්ව තිබේ. එහිදී, 'නෙළුම් කුළුනේ” භාරකාත්වය පැවරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන්
සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අතර 'නෙළුම් කුළුන' ඉදිවෙමින් පවතින සමයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් මඟින් එහි විදුලිසංදේශ යටිතලය සම්පාදනය කිරීමේ අධිකාරීත්වය SLT වෙත පැවරී ඇත.
ඔවුනගේ දායකත්වය මූලික අංශ දෙකක් යටතේ සිදුවන අතර, ඉන් එකක් වන්නේ 'ඔප්ටිකල් ෆයිබර්' තාක්ෂණය සමග බැදෙන, විදුලි සංදේශන යටිතලය සංවර්ධනයයි. එහිදී, කිසිම මොහොතක ජාල බිඳවැටීම් සිදුනොවන සේ ඉතාම ශක්තිමත් සහ ස්ථාවර ලෙස එම යටිතලය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.
එසේම නෙළුම් කුළුන පරිශ්‍රයේ ස්ථාපිත මහා පරීමාණ ආයතන මෙන්ම,
සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදියටද එහි ප්‍රවේශ වන සාමාන්‍ය ජනතාවටද අවශ්‍ය සියලු සන්නිවේදන පහසුකම් සම්පාදනය කිරීමද ඔවුන් කරන බව දන්වා ඇත.
මූලික විදුලි සංදේශ යටිතලය සංවර්ධනය යටතේ එකී කාර්යයන් දෙකට අමතරව 'නෙළුම් කුලුන' ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුනක් ලෙස යොදාගැනීමේදී එම රූපවාහිනී නාලිකා මැදිරිවල සිට අදාළ වැඩසටහන් (අන්තර්ගතයන්) 'නෙළුම් කුලුන' වෙත යැවීම පිණිස අවශ්‍ය සියලු ජාල සම්බන්ධතා පහසුකම්න SLT විසින් සම්පාදනය කරයි.

අදාළ අවබෝධතා ගිවිසුම යටත් SLT වෙතින් සිදුවන අනෙක් මූලික කාර්යය වන්නේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය 'Local Area Network' LAN, 'Wide Area Network Good WAN 6 IPTV, ගොඩනැගිලි කළමනාකරණ ක්‍රමවේදය, තොරතුරු ප්‍රසිද්ධ කිරීම, වීඩියෝ නිරීක්ෂණය සහ පාලනය, ප්‍රවේශ පාලන ක්‍රමවේදය, පොදු මහජන ඇමතුම් පද්ධතිය, අභ්‍යන්තර ජංගම ගමන් කථන පද්ධතිය, ආරක්ෂක පද්ධතිය, බලශක්ති කළමනාකරණය, ගිනි හඳුනාගැනීමේ සහ අනතුරු හැඟවීමේ සංඥා පද්ධතිය, විශේෂ අමුත්තගේ කලාපවල සුහුරු විසඳුම් පිරිනැමීම, ආපන ශාලා ආදියෙහි වයර්ලස් ඇණවුම් විසඳුම්, GPS සබැඳී ඩිජිටල් ඔරලෝසු පද්ධතියද ලෙසින්
ගොඩනැගිලි අභ්‍යන්තරයේ ඇති ක්‍රමවේද සහ උප-පද්ධති 14ක්ද SLT යටතේ ක්‍රියාත්මක වීම බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ෂමිල පෙරේරා