https://www.gossiplankanews.com/2019/09/sb-reveals-slfp-future-plan.html
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක සිය නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ දිනවල දේශපාලනයේ රඟ දෙන අතිවිශේෂ කාරණා කිහිපයක යටි අරුත් හෙළි කර තිබේ.
එස්බීගේ කතාවට මුල්වී ඇත්තේ ජනපති මෛත්‍රිපාල පසුගියදා පක්ෂ සම්මේලනයේදී පවසා සිටි අදහස්ය.
ජනපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයෙකු ගේනවා යයි
මෛත්‍රී ජනපතිවරයා පැවසූ දේ ගැන අදහස් දක්වමින් එස්බී කියන්නේ එසේ කියන්නට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ තවමත් ශ්‍රීලනිප සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින නිසා විය යුතු යයි පෙන්වා දී ඇත.
ගෝඨාව නම් කරේ මෛත්‍රීපාල සිරිසේන සමග මහින්ද රාජපක්ෂ කල් ඇතිව ඇති කරගත් සැලැස්මකට අනුව බවත්

ඒ අනුව අවසන් මොහොත දක්වා එජාප විරෝධය පිළිබඳ ප්‍රචාරාත්මක කටයුතු හා ශ්‍රීලනිප පාක්ෂිකයින් තමන් අත තබාගෙන ශක්තිමත් ගොඩනැගීමක් ඇති කර
ජනපතිවරණය ආසන්නයේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණට ශ්‍රීලනිප සහාය ලබාදීමට නියමිත බවද එස්බී මන්ත්‍රීවරයා හෙළි කළේය. සජිත්-රනිල් අතර අවුල කොයි අතට පෙරළුණත් ගෝඨාට වාසියි එස්බී කියා තිබේ.

'ලංකාවේ සිංහල බෞද්ධ ඡන්ද එක්කෝටි දොළොස් ලක්ෂයක් තියනවා. දෙමළ ඡන්ද ලක්ෂ 20 යි. මුස්ලිම් ඡන්ද ලක්ෂ පහළොවාමාරයි. කතෝලික ඡන්ද ලක්ෂ දහයමාරයි. මෙකෙදි ගෝඨට ස්කෝර් කරන්න පුළුවන් සිංහල බෞද්ධ ඡන්ද සියට අසූ පහක්. ඒවගේම කතෝලික ඡන්ද සීයට පණහක් ෂූවර්.ඒත් සුළු ජාතික ඡන්ද ප්‍රශ්නයක් තියනවා. ඒවායින් සීයට තිස්පහ ගාණෙ ගාණ හැදුවත් අන්තිම එකතුවෙදි ගෝඨට දිනන්න පුළුවන්.

ශ්‍රීලනිප ඡන්ද සීයට සීයක්ම ගෝඨට හරවගන්න එක ප්‍රශ්නයක් නෙමේ. මේ නිර්මාණාත්මක තාවකාලික අවුලක් විතරයි.'