https://www.gossiplankanews.com/2019/09/ranil-unp-candidate-rumours.html#more
ළැඹෙන ජනපතිවරණය සඳහා එජාපයෙන් ඉදිරිපත්වනු ඇත්තේ කරුද සජිත්ද යන වාදය දුරදිග ගිය අවස්ථාවක එක්වරම සිකුරාදා රාත්‍රී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ වත්මන් අගමැති රනිල්ම ජනපති තරගයට ඉදිරිපත් වනු ඇති බවයි. එම මාධ්‍ය එය වාර්තා කර ඇත්තේ
එජාපයේ ජ්‍යොෂ්ඨයින් පිරිසක් සමග අගමැති රනිල් ඒ ගැන කියා ඇති බවකි.
කෙසේ වෙතත් මේ වනතුරු එවැනි තීරණයක් නොමැති බවත් නිසැකවම ලබන ඉරිදා (8) මේ සම්බන්ධ අවසන් තීරණය ලැබෙන ඇති බවත් ඇමති හරින් ප්‍රනාන්දු මාධ්‍ය වෙත දන්වා තිබේ.

වාර්තාවන ආකාරයට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත්
ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (6) පෙරවරුවේ අරලියගහ
මන්දිරයේදී පවත්වා තිබේ. ඒ සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරි ඇල්ල,

කබීර් හෂීම් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් එක්ව ඇත.
මේ වනවිට වඩාත්ම ජනප්‍රිය කවුදැයි එහිදී කථාබහවී ඇති අතර සජිත්,රනිල් හා කරු යන තිදෙනාගේම මෙහෙයවීම පක්ෂයේ කොටස් බලාපොරොත්තු වන බවත් දන්වා ඇත. මං එනවට කැමති වැඩි පිරිසක් සිටිනවා නම් මටම එන්න පුළුවන් රනිල් පවසා ඇත.

මේ අතර මෙම සාකච්ඡාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා දන්වා ඇත්තේ වඩාත් ඉදිරියෙන් සිටින්නේ සජිත් බවයි. එම කාරණාව අවසන් නිගමනය ලෙස ලබාගන්නවා නම් තවත් කරුණු සාධක සාකච්ඡා කිරීමට උවමනා බව අගමැති රනිල් දන්වා ඇති අතර ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග තවත් වරක් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළකර ඇත. ඒ අනුව හෙට හෝ අනිද්දා එම හමුව සිදු කරන්නට වේලාව නියම කරගෙන ඇත.

අවසන් තීරණය බොහෝ දුරට ඉරිදා (8) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගන්නා බව මෙම සාකච්ඡාව නිම වනවිට කරුණු පළකර ඇත.
 මෙම කථාබහේ කොටසක් උපුටාගෙන ඉදිරි ජනපතිවරණයට එජාප අපේක්ෂකයා රනිල් වනු ඇති බවට ප්‍රධාන මාධ්‍ය කිහිපයක් මේ වනවිට පුවත් පළ කර ඇත.