https://www.gossiplankanews.com/2019/09/sri-lanka-beat-new-zealand-malinga-best-bawling.html#more
වසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය අද පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරළිකාර ජයග්‍රහණයක් එක් කරමිනි.
ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් දැවී ලකුණු 125ක් වැනි අඩු ලකුනු ප්‍රමාණයකින්
සිය ඉනිම අවසන් කර තිබූ මෙම තරගයේ

නවසීලන්තයට එම පහසු ඉලක්කය කරා ඇදී යාමට ඉඩ නොදුන්නේ ශ්‍රී ලංකා පිලේ දක්ෂ පන්දු යවන්නන් විසිනි.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග පිට පිට කඩුලු 4ක් ඇතුළුව කඩුලු 5ක් දවාගැනීම නිසා නවසීලන්ත පිල අසීරු අඩියකට පත් විය.

මාලිංග සිය 100 වන විස්සයි 20 කඩුල්ල පසුකර වැඩිම විස්සයි 20 කඩුළු ලාභියා බවට පත්වීම මෙන්ම විස්සයි20 කඩුළු ත්‍රිත්ව දෙකක් හිමි එකම පන්දු යවන්නා මෙන්ම කඩුළු4 ක් පිටපිට දවාගත් දෙවැනි විස්සයි20 පන්දු යවන්නා ලෙස වාර්තා කිහිපයකටම අද එක් විය.

2007 අවසන් ලෝක කුසලාන තරඟයෙන් පසු ලසිත් මාලිංග පිට පිට පන්දු 04 කදී කඩුළු 04 ක් දවාගත් දෙවන අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අද අකිල ධනංජය කඩුළු 2 ක්ද ලක්ෂාන් හා වනිඳු කඩුළු 1 බැගින්ද ලබාගන්නා ලද අතර පිතිකරණයේදී සාර්ථකවූයේ ධනුෂ්ක (30) හා නිරෝෂන් (24) පමණි.
ලකුණු සටහන හා මාලිංගගේ වාර්තාගත පන්දු යැවීමේ වීඩියෝව පහතින්