පාස්කු දින ප්‍රහාර මාලාවේ මහමොළකරු වන සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේ දී දත්ත
රැසක් සොයාගෙන තිබෙන බවත්,
එම ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

පොලිස් මූලස්ථානයේ ඊයේ (05දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය. මෙම ලැප්ටොප් පරිගණකය. ඇමෙරිකානු එෆ්. බී. අයි. ආයතනයෙන් රැගෙන ගොස් ඇති බවට වැරදි මතයක් සමාජගත වන බවත්, එය සම්පූර්ණ අසත්‍යයක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
(සාලිය කුමාර ගුණසේකර)