https://www.gossiplankanews.com/2019/09/pramodh-unexpected-death-at-pettah-railway-station.html
සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගනිමින් කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගයක් හරහා යමින් සිටි තරුණයකු දුම්රියක ගැටී මියයාමේ සිද්ධියක් ඊයේ වාර්තා විය.
කොළඹ පුද්ගලික සුපිරි වෙළඳසලක ලිපිකරුවෙකු සේවය කළ මෙම තරුණයා දුම්රියෙන් පැමිණ රාජකාරියට යන්න ගමන් කරමින් සිටියදී ඊයේ පෙරවරුවේදී
මෙම අනතුර සිදු විය.
රඹුක්කන සිට කොටුව බලා ආ

දුම්රියෙන් කොටුවට පැමිණි ඔහු දුම්රිය ස්ථානයෙන් බැස්ස පසුව පාර්සල් ප්‍රවාහන මාර්ගය (ට්‍රොලිවේ) හරහා දුරකථන ඇමතුමක සිටිමින් ගමන් කරද්දී මෙම අනතුර සිදු විය. හික්කඩුව සිට කොටුව දුම්රිය ස්ථානය බලා පැමිණි දුම්රියක ඔහු ගැටී ඇත.

බලධාරීන් පැවසුවේ දුම්රියෙන් බසින අයට පියගැටපෙළ හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබියදී එය නොතකා පුරුද්දට පහසුවට මගීන්ට තහනම් කලාපයක්වූ ට්‍රොලිවේ හරහා ගමන් කිරීම දිගු කලක සිට සිදුවන බවත් මෙම අවාසනාවන්ත අනතුර එම තහනම නොතකා යාමේ තවත් ප්‍රතිඵලයක් බවත්ය. මීට කලකට පෙරදීද මෙම ස්ථානයේ අනතුරක් සිදුවී මරණයක් වාර්තාවී තිබුණි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විසිපස් හැවිරිදි සංජීව ප්‍රමොද් නමැති තරුණයකි.
මේ පිළිබඳව කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.