https://www.gossiplankanews.com/2019/09/namal-hameedia.html
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පසුගිය කාලයේ  ලංකාවේ පැනනැගුණ මුස්ලිම් විරෝධය වඩාත්ම සිය දේශපාලනික උපායට හසුකරගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ආශ්‍රීත දේශපාලන ක්‍රියාකාරීන්ය. ප්‍රහාරය සිදුවී සති දෙකක් ඇතුළත දෙවරක් ජාත්‍යන්තර මාධ්‍ය අමතා
ගෝඨාභය රාජපක්ෂ තමන් ඉදිරි ජනපතිවරණයට තරග කරන බවත් මුස්ලිම් අන්තවාදය තුරන් කිරීම වෙනුවෙන් වැඩ කරන බවත් පැවසුවේය. අවස්ථා කිහිපයකදී ඇඳිරි නීතිය පනවන්නට හේතුවුණ ප්‍රාදේශීය කලබල පසුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මකවූ බවටද ආරංචි තිබිණි.

මේ අතරවාරයේ මුස්ලිම් කඩ සාප්පු වර්ජනය සඳහා

සිංහල ජනතාව පෙළැඹවුණ අතර එම අදහස් නිසා බැට කෑ ප්‍රකට ව්‍යාපාරයක් වනුයේ 'හමීඩියා' රෙදි පිළි ව්‍යාපාරයයි. පසුගිය දිනවල එම ව්‍යාපාරයේ අලෙවි කටයුතු අධික ලෙස පහත වැටී තිබුණ බවද වාර්තා විය.

කරුණු මෙසේ තිබියදී මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සිය විවාහ මංගල උත්සවය සඳහා මනාල ඇඳුම නිර්මාණය පිණිස තෝරාගෙන තිබෙන්නේ මේ කියන හමීඩියා රෙදි සාප්පුවය.
 ඒ වෙත ගමන් කර තම මංගල ඇඳුම සඳහා නාමල් මිනුම් ලබාදුන් ඡායාරූප හා වීඩියෝව මේ වනවිට අන්තර්ජාලය තුළ සංවාදයක් නිර්මාණය කර ඇත්තේ එහෙයිනි.
පහත එම වීඩියෝව පළවේ.