2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සිතාසි අනුව 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද (16) උදෑසන පැමිණියේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඩීපීජේ නමැති සබීතා පෙරේරා සිනමා නිළියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් ලබා දීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහා එම කැඳවීම සිදුකර තිබේ.
මෙම ගොඩනැගිල්ල හිටපු කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක කළ යෝජනාවකට අනුව ලබාදී තිබූ අතර එම යෝජනාවට අගමැතිවරයාගේ අනුමැතිය හිමිවීම ගැන ප්‍රශ්න කිරීමට මෙසේ කැඳවා තිබේ.