ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සපා කෑම සදහා නයින්, පොළගුන්, පිඹුරන් සහ කිඹුලාන් යනාදී සතුන් එවන බවට තර්ජනය කළ රානි පීර්සාඩා නම් පාකිස්තාන පොප් ගායිකාවක විසර 2ක සිරදඬුවමකට ලක් කිරීමට පාකිස්තාන අධිකරණය කටයුතු යොදා තිබේ. පසුගියදා ඇය මෙම සතුන් යොදා ගෙන විඩියෝවක් සකස්
කරමින් ඒ හරහා මෝදී වෙත මෙම තර්ජන ඉදිරිපත් කළාය.

ඉන්දීය අගමැතිවරයා කාශ්මීරයේ ස්වයං පාලන අයිතිය. අහෝසි කිරීමට ගත් තීරණයට එරෙහි වෙමින් ඇය එම හැසිරීම් පළ කර තිබේ. මෙම වීඩියෝව පළමුව ඇයගේ යූටියුබ් චැනයේ ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, ලක්ෂයකට අධික පිරිසක් එය නරඹා ඇත. පසුව පාකිස්තාන. රූපවාහිනී නාළිකාවක් එය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

තමන්ගේ මෙම යහළුවන් සියලු දෙනා ඔබව සපා කනු ඇති බවට ඇය එහිදී ඉන්දීය අගමැති මෝදි වෙත පවසා ඇත.

කෙසේ වෙතත්, ඇගේ මෙම ක්‍රියාව සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් සිදුකළ හානියක් බව පැවසූ පාකිස්තාන වනජීවී ආරක්ෂක ඒජන්සිය ඇයට එරහිව නීතිමය පියවර ගෙන ඇත. විශේෂයෙන්ම, පාකිස්තාන වනජීවී පනතට අනුව සර්පයන්, පිඹුරන් සහ කිඹුලන් වැනි සතුන් පෞද්ගලික සුරතලුන් ලෙස ඇති දැඩි කිරීම වරදක් බව පැවසෙයි.