https://www.gossiplankanews.com/2019/09/nagananda-dog-dies.html
මාට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින නමුත් තමුන් කෙසේ හෝ ඉදිරියට ගමන් කරන බවත් ඉදිරි ජනාධිවරණයේදී ප්‍රධාන දේශපාලන කඳවුරු ‍දෙකම බිඳ වැටී පොදු ජනතා අපේක්ෂකයා ලෙස තමන් ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අපේක්ෂක නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා
ඊයේ (29දා) කොළඹ මහජන පුස්තකාලයේදී මාධ්‍ය

වෙත සඳහන් කළේය.
"මම සැප්තැම්බර් 20දා සිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අවසන් කළා. ඒ අනුව මම නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. නාගානන්ද බටහිර ගැත්තෙක් වෙන්නෙ නෑ, ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතුවලදී නාගහනද ඔප්පු කරලා තියෙනවා. වසර 70ක් මේ රට විනාශ කළ ජනතාවගේ අයිතීන් උදුරා ගන්න ඕනම
කෙනකුට එරහිව නාගහනන්ද පෙනී සිටිනවා.
මට දැන් ආරක්ෂාව ගැනත් ලොකු ගැටලුවක් තියනවා. මගේ ගෙදර සිටි මගේ සුරතල් බල්ලාටත් කිසිවෙකු වසදී අභිරහස් ලෙස මරා දමා තිබුණා. බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂක්ෂාව ඇතුවයි මම කටයුතු කළේ. අධිකරණයට යනකොටත් බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව ලැබුණා. මේ රටේ පුරවැසියකු ආරක්ෂා කරන ඒ රජය භාරගෙන කටයුතු කරනවා. ඒ අනුව අවශ්‍යම වෙලාව බලලා මම බ්‍රිතාන්‍ය පුරවැසිකම අහෝසි කළා. ජූලි 4දා තමයි මම පුරවැසිභාවය අහෝසි කරන අයදුම් කළේ. ඒ අනුව එංගලන්ත ස්වදේශ කටයුතු අමාතව්‍යයාගේ මැදිහත්වෙලයි මගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කළේ. " නාගහනන්ද මහතා වැඩිදුරටත් කීවේය.

ජයසූරිය උඩුකුඹුර