ශ්‍රී ලංකා යුද හමුදාවට වසර හැත්තෑවක් සම්පූර්ණ වීම සහ යුද හමුදාවේ සේනාංක හා බළඇණිහි ධජයන් ශ්‍රී දත්ත ධාතුන් වහන්සේ හමුවේ ආශිර්වාද ගැන්වීම නිමිත්තන් පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ යුද හමුදාපන්තිවරයා කියා සිටියේ

ශ්‍රී ලංකාව පුරා සිදුවන වර්ජන රැල්ල හේතුවෙන් බිදවැටී ඇති අත්‍යවශ්‍ය සේවාවන් සමනය කිරීම සදහා අවශ්‍ය නම් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගය ලබාදිය හැකි  බවය.

වර්ජනය හේතුවෙන් අත්‍යවශය සේවාවන් බිද වැටී ජනතාව විඩාවට පත්වීම වැළැක්වීම ශ්‍රී ලංකා යුද හමුදාවේ අරමුණක් වන බවත් මේ වනතුරු සිය සහයෝගය අවශය යැයි රජයෙන් ඉල්ලීක් නොලැබුණු බවද ඒ මහතා කීය.
රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා
ශ්‍රී ලංකා යුද හමුදාව සෑම අංශයෙන්ම හැකි උපරිම අයුරින් වැඩපිළිවෙළ දියත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

සාමසාධක හමුදාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යුද හමුදාව එයින් ඉවත් කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දක්වා දැනුම් දී නොමැති බවත් එවැනී තීරණයක් රජයට දැනුම් දෙන්නේ නම් කරුණු පැහැදිළි කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සුදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් එවැන්නක් ප්‍රකාශ කර තිබුණද ශ්‍රී ලංකා රජයට මේ දක්වා එම සංවිධානය ඒ පිළිබදව් නීල දැනුම් දීමක් සිදුකර නැතැයි ද ඔහු  ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ හැත්තෑවන සියවස ඔක්තෝබර් මස දසවන දිනට යෙදෙන අතර ඒ නිමිත්තෙන් පැවැති ධජ ආශීර්වාද ගැන්වීමේ පූජාවට සමගාමීව  ශ්‍රී දළදා මාළිගාවේදී මහ සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍යක‍ර්මයන්ද පැවැත්විණි.