ශ්‍රී ලංකා නිදහස් පක්ෂය‍ෙ කුමන ආකාරයේ තීන්දුවකට පැමිණියත්, තමන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරීපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් දේශපාලන ක්‍රියාකාරින් හමුවේ පෙරේදා (28) ප්‍රකාශ කර ඇත. නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝඡකයින් ඇතුළු පාලන ක්‍රියාකාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (28) බදුල්ලේදී පැවැති අතර. එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. මෙම 
ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම වෙනුවෙන් ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුමට ශ්‍රීලනිපයේ කිහිප දෙනකුගේ විරෝධය පළවූ බවට නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළ බව සාකච්ඡාවට සහභාහි වූ දේශපාලන නියෝජිතයෙක් පැවැසීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පස් දෙනකු පමණ මේ වන විටත් සජිත් ප්‍රේමදාස මහතා හොර රහසේ සහාය ලබාදී එජාපය හා එක්වීමේ සුදානමින් සිටින බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු වශයෙන් කමාට එසේ සිටිය නොහැකි බවත්, පක්ෂයේ කුමන තීරණයක් ගන්නත් තමන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් කටයුතු කරන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.