https://www.gossiplankanews.com/2019/09/madush-wife-with-angoda-lokka.html
මාකඳුරේ මධුෂ් බේරා ගැනීමට බව කියා මධුෂ්ගේ දෙවැනි බිරිඳ අංගොඩ ලොක්කා සොයා යෑමත් සමග මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කා අතර අර්බුදයක් හටගෙන ඇතැයි පාතාල මර්දන ඒකක වෙත
තොරතුරු ලැබී ඇත.
මෙම අර්බුදය එකිනෙකා මරාගන්නා තත්ත්වයකට සතියක් ඇතුළත දුරදිග ගොස් ඇති බවද, පාතාල මර්දන ඒකක අනතුරු හඟවයි.
අංගොඩ ලොක්කා කළුතර එතනමඩලදී මාකඳුරේ මධුෂ්ගේ සහාය ඇතිව කඩුවෙල රණාලේ සමයං ගමන් කළ බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සමයං ඇතුළු පස්දෙනකු ඝාතනයෙන් පසුව ඉන්දියාවට ගෙන්වා ගත්තේ මාකඳුරේ මධුෂ්ය.

මධුෂ් විසින් අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියාව ඉන්දියාවට ගෙන්වා ගත්තේ ඝාතනයෙන් පසුව ඩුබායිවලට ගන්නා පොරොන්දුව මතය. නමුත් අංගොඩ ලොක්කා හා ලඩියාව ඩුබායි

වෙත ගෙන්වා නොගෙන ඉන්දියාවේ තබාගෙන තම කටයුතු මෙහෙයවීමට මධුෂ් ගත් තීරණයත් සමග දෙපාර්ශ්වය අතර මතගැටුම් පැවතුණු බවට බුද්ධි අංශවලට තොරතුරු වාර්තා විය.

මාකඳුරේ මධුෂ් අබුඩාබි පොලිසියේ සිර භාරයට පත්වීමත් සමග අංගොඩ ලොක්කා තම කප්පම් ගැනීම් දිගින් දිගටම ව්‍යාප්ත කරමින් මධුෂ්ගේ බලය ගැනීමට උත්සාහ කර ඇති බවද අනාවරණය වී ඇත.

ඒ අතරේ මධුෂ්ව බේරාගැනීමට සහාය ගැනීමට ගිය මධුෂ්ගේ දෙවැනි බිරිඳව අංගොඩ ලොක්කා නතර කර ගැනීමත් සමග ආරවුල දුරදිග ගොස් ඇතැයි බුද්ධි අංශ කියයි.

මාකඳුරේ මදුෂ්ගේ බිරිය ලෙස ඩුබායිහි සිටි මෙම කාන්තාව ඔහුට පෙර කළුතුෂාර නමැති අයගේ බිරිය වූ අතර සිරගෙදර වෙඩි තැබීමේ සිද්ධියේදී කළු තුෂාර මියයාමෙන් පසු මදුෂ් සමග එක්ව ජීවත්වීමට ගිය කෙනෙකි. දැන් ඇය සිටිනුයේ අංගොඩ ලොක්කා ළඟ බව නවතම තොරතුරු අනාවරණය කර තිබේ.

තොරතුරු - තිස්ස රවීන්ද්‍ර පෙරේරා