විදේශ රැකියාවන්හි නියුක්ත ශ්‍රී ලාංකිකයන්ට බදු සහන යටතේ වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් පළවන බවට පැමිණිලි ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ සඳහන්
කරයි.  මුදල් අමාත්‍යාංශයේ වෙළඳ ආයෝජන ප්‍රතිපත්ති  දෙපාර්තමේන්තුවේ ලිපි ශිර්ෂයක අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර සහ නම් ව්‍යාජ ලෙස සඳහන් කරමින් කුඨ ලේඛනයක් සකස්කර එය සමාජ මාධ්‍යවල පළකරන බව ද ඒවාට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම අමාත්‍යාංශය කියයි.

විදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට තිරු බදු සහන  සහිත වාහන ලබා ගැනීමට බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනාවක්  මුදල් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවාවන් පිළිබඳව මහා භාණ්ඩාගාරයේ  නිල වෙබ් අඩවියෙන් විධිමත් තොරතුරු ලබාගත හැකි බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම කරුණු සඳහන් කරමින් කිසියම් පුද්ගලයකු රවටා ව්‍යාජ ලෙස මුදල් ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව පියවර ගන්නැයි ජනතාවට දැනුම් දෙන බව ද මුදල් අමාත්‍යාංශය කියයි.

-රංජන් කස්තුරි-